පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
967/’19
ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොලිස් දෙපාර්තමේන්තුව විසින් ‘අනුග්‍රාහක අරමුදල’ නමින් අරමුදලක් පවත්වාගෙන ගිය බවත්;
(ii) එම අරමුදල සඳහා සේවයේ නියුක්ත නිලධාරින්ගේ වැටුපෙන් මුදල් අයකර ගත් බවත්;
(iii) මහනුවර, අම්පිටියේ, ගල්තැන්න පාරේ, අංක 08 හි පදිංචි හිටපු පොලිස් පරීක්‍ෂක ඩබ්. එච්. එම්. කරුණාතිලක බණ්ඩා මහතා දැනට වසර 07 කට පෙර විශ්‍රාම ගත් අවස්ථාවේදී මෙම අරමුදලින් තමන්ට හිමි මුදල අයදුම් කරමින් ලේඛන භාර දී ඇතත්, මෙතෙක් ගෙවීම් කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) කරුණාතිලක බණ්ඩා මහතාගෙන් අයකරගෙන ඇති රුපියල් 12,328/-ක මුදල ආපසු ඒ මහතාට ගෙවීමට කටයුතු කරන්නේද;
(ii) වසර ගණනාවක් රඳවාගත් මෙම මුදල වෙනුවෙන් පොළියක් ගෙවන්නේද;
(iii) එසේ නම්, එම ගෙවීම් සිදු කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-08
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
1989.03.01 දිනට පෙර ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ නිලධාරින් ගෙන් පමණක් මුදල් අය කරනු ලැබේ.
(iii) ඩබ්ලිව්.එච්.එම්. කරුණාතිලක බණ්ඩා නිලධාරියා වෙත 2018.08.13 දින රුපියල් 12,328.00ක මුදලක් ගෙවීම් කර ඇත.
(ආ) (i) ඩබ්ලිව්.එච්.එම්. කරුණාතිලක බණ්ඩා නිලධාරියා ගෙන් රුපියල් 2,226.00ක මුදලක් අය කරගෙන තිබූ අතර, දායක මුදල් ප්‍රතිලාභ ලෙස රුපියල් 12,328.00ක මුදලක් ගෙවීම් කර ඇත.
(ii) මෙම අය කර ගැනීම් සඳහා පොලී මුදල් ගෙවනු නොලබන අතර, දායක මුදල් ප්‍රතිලාභ පමණක් ගෙවනු ලැබේ.
(iii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks