01

E   |     |  

 දිනය: 2019-07-26   පිළිතුර ලබා දී ඇත 

0963/2019: ඒ.සී.එම්. හසන් මහතාගෙන් රජයට පවරාගත් ඉඩම: වන්දි

963/’19

ගරු මුහම්මදු නසීර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කරාපිටිය නගර සංවර්ධන වැඩසටහන් යටතේ පසුගියදා රජයට අත්කර ගන්නා ලද ආරච්චිකුඹුර නමැති ඉඩමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස සලකන ගාල්ල, කරාපිටිය, අනගාරික ධර්මපාල මාවතේ, අංක 87ඒ දරන ස්ථානයේ පදිංචි ඒ. සී. එම්. හසන් මහතාට එම ඉඩමේ වටිනාකම අනුව වන්දි ප්‍රදානය කිරීම මෙතෙක් සිදුවී නොමැති බව දන්නේද;

(ii) සිය ජීවනෝපාය මාර්ගය හා සම්බන්ධිත එම වාණිජ ඉඩම් කොටසට ප්‍රමාණවත් වන්දියක් ඒ මහතාට ලබාදීමට අපොහොසත් වන තත්ත්වයක් තුළ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් ඒ වෙනුවෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් නොදක්වන්නේ මන්ද;

(iii) මේ සම්බන්ධයෙන් සලකා බලා හසන් මහතාට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට පියවර ගන්නේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-26

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      කරාපිටිය නගර සංවර්ධන කටයුතු යටතේ රජයට අත්කර ගනු ලැබූ අදාළ ඉඩමේ ඉඩම් අයිතිකරුවෙකු ලෙස අංක 87A, අනගාරික ධර්මපාල මාවතේ පදිංචි ඒ.සී.එම්. හසන් නමැති අය ඉඩම් අත්කර ගන්නා අවස්ථාවේදී හෝ ඉන් පසුව අයිතිකරුවෙකු ලෙස ලිපි ගොනුවල සඳහන්ව නොමැත.

                        තවද, දැනට අදාළ ඉඩමෙන් නිරවුල් අයිතිය තීරණය කිරීමේ අපහසුතාව මත ඉඩමේ තක්සේරු මුදල (රුපියල් මිලියන 8) අධිකරණයේ තැන්පත් කිරීමට ප්‍රාදේශීය ලේකම් විසින් කටයුතු කර ඇත.

ඉඩමේ නිරවුල් අයිතිය මෙතෙක් තහවුරු වී නොමැති තත්ත්වයකදී, වන්දි මුදල් ගෙවීමට ප්‍රාදේශීය ලේකම්ට හැකියාවක් නොමැත. අත්කර ගනු ලැබී ඉඩම් සඳහා වන්දි මුදල් තක්සේරු කරනුයේ ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම මත රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් වන අතර, ඉඩම්වල හිමිකම් අධිකරණය මඟින් නිරවුල් කර ගැනීමෙන් අනතුරුව, අදාළ හිමිකරුවන් වෙත වන්දි මුදල් ගෙවීමේ කටයුතු කරනු ලැබේ.

(ii) රජයට අත්කර ගනු ලැබූ ඉඩමේ අනවසරයෙන් පදිංචිව සිටි පුද්ගලයෙකු වෙත විකල්ප පහසුකම් ලබා දීම සඳහා නීතිමය බැඳීමක් නොමැත. තවද, තමන්ගේ අයිතිවාසිකම් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන ලද 2017.09.25 හා 2018.08.28 යන දිනැති ලිපි මඟින් ඒ.සී.එම්. හසන් මහතා වෙත නාගරික සංවර්ධන අධිකාරිය දන්වා ඇත.

(iii) ප්‍රාදේශීය ලේකම් විසින් ඒ.සී.එම්. හසන් මහතාගේ අයිතිවාසිකම් තහවුරු කර ගතහොත් වන්දි මුදල් හෝ විකල්ප පහසුකම් ලබා දීමට හැකියාව ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks