01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0885/2019: Loans given to new businesses in Anuradhapura District under Enterprise Sri Lanka scheme

885/’19

ගරු එස්.සී. මුතුකුමාරණ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුදල් අමාත්‍යාංශය යටතේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනය කවරේද;

             (ii)       එහි මූලික අරමුණ කවරේද;

            (iii)       මේ වනවිට එම අරමුණ කොපමණ දුරට ඉටුවී තිබේද;

          යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2019.03.08 දින වනවිට කළුතර දිස්ත්‍රික්කයේ ඉහත සඳහන් වැඩපිළිවෙළ යටතේ ණය පහසුකම් ලබාදී ඇති නව ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

(ii) ලබා දී ඇති එම ණය, එක් එක් ව්‍යාපාරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) 2019.03.08 දින වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කය යටතේ ණය පහසුකම් ලබාදී ඇති නව ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

(ii) ලබා දී ඇති එම ණය මුදල් එක් එක් ව්‍යාපාරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ණය යෝජනා ක්‍රමයේ පරමාර්ථය කොපමණ දුරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉටු වී තිබේද;

(iv) මෙම දිස්ත්‍රික්ක දෙක අතර මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවීමේ පරතරයක් තිබේද;

 

(v) එය වෙනස් කිරීමට උත්සාහ ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-19

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks