පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
883/’19
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සීමිත තරඟ විභාගය 2015 වර්ෂයේ පවත්වා ඇති බව පිළිගන්නේද;
(ii) 2015 වර්ෂයේ මාර්තු 14,15,16,17,18,19 සහ 20 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බව දන්නේද;
(iii) එම සම්මුඛ පරීක්ෂණයෙන් බඳවා ගන්නා ලද පුද්ගලයන් බඳවා ගත් පදනම කවරේද;
(iv) එම පත්වීම්ලාභීන්ගේ නාම ලේඛනය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
(v) මෙම සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා නොගත් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් බව පිළිගන්නේද;
(vi) මෙයින් 43 දෙනෙකුට පත්වීම් ලබාදී ඇති බව දන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අභියාචනා ඉදිරිපත් කර තිබූ අංක 1487 යටතේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි එස්. කේ. කේ. ගුණතිලක මහත්මිය, මෙම සම්මුඛ පරීක්ෂණයට කැඳවා නොමැති බව දන්නේද;
(ii) ඇය මෙම සම්මුඛ පරීක්ෂණයට නොකැඳවීමට හේතු කවරේද;
(iii) අතපසුවීමකින් ඇය සම්මුඛ පරීක්ෂණයට කැඳවා නොමැති නම්, ඇය නැවතත් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා සුදුසුකම් සපුරා ඇත්නම්, බඳවා ගැනීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නේද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-07
අසන ලද්දේ
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2015 වර්ෂයේ මාර්තු 14, 15, 16, 17, 18, 19, 20 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැති අතර, 2016 වර්ෂයේ මාර්තු 14, 15, 17, 18, 19 හා 20 යන දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.
(iii) අංක 1885/31 හා 2014.10.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ ඡේද අංක 7.2 අනුව බඳවා ගන්නා ලදී.
(iv) ඔව්. ඇමුණුම 01 බලන්න. (ඇමුණුම 01 සභාගත* කරමි.)
(v) එසේ අවස්ථාවක් ලබා දී නැත.
මෙම සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත් නොවූ අයදුම්කරුවන් සඳහා අභියාචනා ඉදිරිපත් කරන ලෙස කැඳවීමක් සිදු කර නොමැති අතර, අභියාචනා සම්බන්ධයෙන් නැවත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා සේවා ව්‍යවස්ථාව අනුව ප්‍රතිපාදන නොමැත.
(vi) පත්වීම් ලබා දී ඇත.
අයදුම්කරුගේ පාලනයෙන් බැහැර වූ කරුණු මත පළමු අවස්ථාවේදී පත්වීම් ලබා නොදුන් නමුත් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරින් 43දෙනෙකුට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය අනුව පත්වීම් ලබා දී ඇත.
(ආ) (i) අභියාචනා ඉදිරිපත් කරන ලද කිසිදු අභියාචනාකරුවෙකු නැවත සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම් සිදු කර නැත. එබැවින් අංක 1487 යටතේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි එස්.කේ.කේ. ගුණතිලක මහත්මියටද එවැනි කැඳවීමක් සිදුකර නොමැත.
(ii) අංක 1885/31 හා 2014.10.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත් නොවූ නිලධාරින් ඉදිරිපත් කර ඇති අභියාචනා සම්බන්ධයෙන් නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැත.
(iii) උක්ත පැහැදිලි කළ පරිදි අතපසුවීමක් සිදුවී නොමැත. විදුහල්පති සේවා ව්‍යවස්ථානුකූලව විදුහල්පති සේවයේ III පත්වීමක් ලැබීමට අවශ්‍ය සුදුසුකම් හා බඳවා ගැනීමේ සුදුසුකම් සලකා බලන ලද 2015.01.01 දිනට මෙම නිලධාරිනිය සපුරා තිබූ සුදුසුකම් හා බඳවා ගැනීමට අවශ්‍ය නමුත් නිලධාරිනිය විසින් සපුරා නොමැති සුදුසුකම් පහත පරිදි වේ.
|
බඳවා ගැනීමට අදාළ සුදුසුකම් |
නිලධාරිනිය සතුව තිබූ සුදුසුකම් |
2015.01.01 දිනට නිලධාරිනිය විසින් සපුරා නොමැති සුදුසුකම් |
|
විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේදී සේවා ව්‍යවස්ථාවේ ඡේද අංක 7.2.2.1 හා 7.2.2.2 (ඇමුණුම 02) අනුව කාණ්ඩ කිහිපයක් යටතේ අධ්‍යාපන සුදුසුකම් හා සේවා පළපුරුද්ද යටතේ සුදුසුකම් සලකා බලනු ලැබේ. ඒ අනුව මෙම නිලධාරිනියට අදාළව බඳවා ගැනීමට සපුරා තිබිය යුතු සුදුසුකම් පහත පරිදි වේ. (i) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඕනෑම විෂයය ක්ෂේත්‍රයක උපාධිය සමඟ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හෝ ගුරු පුහුණු සහතිකය. |
උපාධිය පමණකි. |
ඡේද අංක 7.2.2.1 (ii)හි විධිවිධාන යටතේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවා ගැනීමට අවශ්‍ය වන ගුරු පුහුණු සහතිකය හෝ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව නැත. |
ඒ අනුව එස්.කේ.කේ. ගුණතිලක මහත්මිය විදුහල්පති සේවා ව්‍යවස්ථානුකූලව මූලික සුදුසුකම් සපුරා නොමැති වීම මත ඇයට විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ පත්වීමක් ලබා දී නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks