01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0882/2019: Tanks in Anuradhapura district affected by invasive plant species

882/’19

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව්, ‘ජපන් ජබර’ වැනි ජලජ පැළෑටි මඟින් ආක්‍රමණය කිරීම‍ හේතුවෙන් සීඝ්‍ර‍යෙන් ගොඩ වී ගෙන යන බව දන්නේද;

             (ii)      එම ජලජ පැළෑටිවල ආක්‍රමණය ‘කටියාව වැව’ වැනි මධ්‍යම ප්‍රමාණයේ වැව්වලට ද ව්‍යාප්ත වී ඇති බව පිළිගන්නේද;

(iii) මෙම ජලජ පැළෑටිවල ආක්‍රමණය අනාගතයේදී  වී වගාවට බලපෑමෙන් එය ජාතික ප්‍රශ්නයක් වීමට ඉඩ ඇති බව පිළිගන්නේද;

(iv) එම ජලජ පැළෑටි ආක්‍රමණය සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-22

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks