පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
859/’19
ගරු වාසුදේව නානායක්කාර මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ නායයෑමෙන් නිවාස විනාශ වූ පවුල්, ඇහැළියගොඩ කොට්ඨාසයේ අනෙකුත් වසම්වල නායයෑමට හසුව නිවාස විනාශ වූ පවුල් හා අධි අවදානම් කලාපයේ පදිංචි පවුල් ද ඇතුළුව කිසිදු පවුලක් සඳහා 2017 වර්ෂයේ දෙසැම්බර් සිට ගෙවල් කුලී දීමනාව ලැබී නොමැති බවත්;
(ii) ගෙවල් කුලී ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට ලැබී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම හිඟ ගෙවල් කුලී ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දෙන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-04
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) නැත.
2017 මැයි මස ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නිවෙස් පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පවුල් හා නාය යෑම් අධිඅවදානම හේතුවෙන් පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සුබසාධන මධ්‍යස්ථානවල දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමෙන් එම මධ්‍යස්ථාන පවත්වාගෙන යන පාසල්, පන්සල් හා පොදු ගොඩනැඟිලිවල සාමාන්‍ය කටයුතු අඩාළ වන අතර, එහි රැඳී සිටින ජනතාවට තම ජීවනෝපාය කටයුතු කර ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධා මතු වීම හා ඔවුන්ගේ මානසික සෞඛ්‍යය බිඳ වැටීමේ අවදානමක් පැවතීම යන හේතූන් මත මෙම ආපදා තත්ත්වයෙන් තාවකාලික කුලී නිවෙස්වල පදිංචිව ඇති පවුල් සඳහා ජූනි, ජූලි, අගෝස්තු මාස සඳහා මසකට රුපියල් 7,500ක දීමනාවක් ලබා දීමට අංක.අමප/17/1187/715/015 හා 2017.06.13 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලදී. ඒ අනුව, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද මෙම මාස තුන සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රතිපාදන ලබා දී ඇත.
නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ පදිංචි ස්ථානවලින් ඉවත් කරන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු වන ඉඩම් හඳුනා ගැනීම හා අත්පත් කර ගැනීම වැනි කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත්, තවත් මාස තුනක කාලයකට මෙම දීමනාව ලබා දිය යුතු වන බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් දැනුම් දුන් බැවින්, 2017 වර්ෂයේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් යන මාස තුන සඳහා රුපියල් 7,500ක දීමනාව ලබා දීමට අංක. අමප/17/2033/715/015-I හා 2017.10.04 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඒ සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරන ලදී. ඒ අනුව, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.
ඉහත නිවාස කුලී ලබා දීමට සමගාමීව ආරම්භ කරන ලද නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියන් අනුව (අංක අමප/17/1216/715/017 හා 2017.06.27 වන දින සහ අංක අමප/17/2340/715/017-I හා 2017.10.24) නැවත පදංචි කිරීමේ වැඩසටහන 2017 අගෝස්තු මස ආරම්භ කරන ලදි. එබැවින්, මෙම වැඩසටහන සඳහා තාවකාලිකව නිවාස කුලී දීමනා ලබා දෙන ලද පවුල්ද ඇතුළත්ව කඩිනමින් නැවත පදිංචි සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙන ලදි.
ඒ අනුව, 2017 මැයි මස ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නිවෙස් පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පවුල් හා නායයෑම් අධි අවදානම හේතුවෙන් පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ඉහත අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පහත විකල්ප අවස්ථා යටතේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා මෙම පවුල් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත.
ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1.6ක් ලබා දීම
ඉඩමක් මිලදී ගෙන නිවස ඉදිකිරීම සඳහා ඉඩම සඳහා රුපියල් මිලියන 0.4ක් සහ නිවස ඉදිකිරීමට රුපියල් මිලියන 1.2ක් ලබා දීම.
රජයේ ඉඩම් ලබා දී ඇත්නම් එම ඉඩමෙහි නිවස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.2ක් ලබා දීම.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-04-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks