පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
855/’19
ගරු විමලවීර දිසානායක මහතා,— සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වන අලින් විසින් මිනිස් ජීවිත හා දේපළ විනාශ කිරීම බහුලව සිදුවන බවත්;
(ii) එම ජීවිත හා දේපළ විනාශ කිරීම හේතුවෙන් පවුල් අනාථභාවයට සහ අසරණභාවයට පත්වන බවත්;
(iii) එසේ විනාශ වන ජීවිත හා දේපළ සඳහා වන්දි ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වන්දි මුදල් කඩිනමින් ගෙවීම සඳහා පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-03
අසන ලද්දේ
ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දිනෙන් දින සිදුවන වනඅලින්ගේ වාසභූමිය අහිමි වීම හා සංක්‍රමණික මාර්ගවල මිනිසුන් පදිංචි වීම මෙන්ම අධික ලෙස වනාන්තර සංවර්ධන කටයුතු සඳහා එළිපෙහෙලි වීම හේතුවෙන් ද වනඅලින්ගේ භූමි ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අහිමි වීම නිසා වනඅලින් ගම්වැදීම සිදුවේ. මෙය
ජීවිත, දේපළ, වගා හානි සිදුවීමට ප්‍රබල හේතුවක් වී ඇත.
(ii) ජීවිත හා දේපල විනාශ වීම තුළින් පවුල් අනාථභාවයට අසරණභාවයට පත්වන බව සත්‍ය කරුණකි. නමුත් මෙම තත්ත්වයට වගකිවයුතු වන්නේ එම පළාත්වල ජීවත් වන ජනතාවමය. ඔවුන් විසින් අලිමංකඩ ආශ්‍රිත නිවාස සැකසීම, වගාවන් සිදු කිරිම, වෙනත් කටයුතු සඳහා උද්‍යානවලට පිවිසීම වැනි කරුණු ද මෙයට බොහෝ දුරට බලපා ඇත. කෙසේ නමුත් මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. වන අලින්ගෙන් මිනිසුන්ට සිදුවන ජීවිත හානි, ශාරිරික හානි හා දේපළ හානි සඳහා වන්දි ක්‍රමයක් පවත්වා ගෙන යන අතර, එසේ ගෙවනු ලබන වන්දි ප්‍රමාණයන් 2017 වර්ෂයේ සිට වැඩි කර ඇත.
(iii) වන්දි ගෙවීම කාර්යක්ෂම කිරීම සඳහා එම වන්දි දිස්ත්‍රික් ලේකම් මඟින් ගෙවීමට කටයුතු සලස්වා එම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. එම වන්දි ක්‍රමය යටතේ දිස්ත්‍රික් වන්දි කමිටුව මඟින් අනුමත කරන වන්දි අයදුම්පත් සඳහා ගෙවීම් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු වෙත ප්‍රතිපාදන ලබා දීම පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
වන්දි ගෙවීම සඳහා වාර්ෂිකව අය වැයෙන් දෙපාර්තමේන්තුවට වෙන් කර දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී වනසත්ව සංරක්ෂණ අරමුදලෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදල් නිකුත් කරනු ලැබේ. එසේ වන්දි ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබා දී ඇති ප්‍රතිපාදනවල සාරාංශයක් ඇමුණුමෙහි දැක්වේ.
(ආ) (i) ඔව්
(ii) මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ගෙවීමට කටයුතු සිදු කරමින් පවතී. (ඇමුණුමෙහි සඳහන් වේ.)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks