පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
770/’19
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පළාත් සභා අතරින් නිල කාලය අවසන් වීම හේතුවෙන් මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් සභා සංඛ්‍යාව කොපමණද;
(ii) අදාළ පළාත් සභා විසුරුවා හැරීමෙන් පසුව මේ වනවිට ගතවී ඇති කාලය වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
(iii) විසුරුවා ඇති පළාත් සභාවලට අමතරව, ඉතිරිව ඇති පළාත් සභාවල නිල කාලය අවසන් වීමට ඇති කාලය වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
(iv) විසුරුවා හැර ඇති පළාත් සභාවල මැතිවරණ පවත්වා එම පළාත් සභා සක්‍රිය කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-02
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පළාත් සභා 06
(ii)
|
අංකය |
පළාත් සභාව |
නිල කාලය අවසන් වූ දිනය |
විසුරුවා හැරීමෙන් පසු මේ වන විට ගතවූ කාලය |
|
01 |
සබරගමුව පළාත් සභාව |
2017.09.26 |
අවුරුදු 01 මාස 06 |
|
02 |
නැඟෙනහිර පළාත් සභාව |
2017.09.30 |
අවුරුදු 01 මාස 06 |
|
03 |
උතුරු මැද පළාත් සභාව |
2017.10.01 |
අවුරුදු 01 මාස 05 |
|
04 |
මධ්‍යම පළාත් සභාව |
2018.10.08 |
මාස 05 |
|
05 |
වයඹ පළාත් සභාව |
2018.10.10 |
මාස 05 |
|
06 |
උතුරු පළාත් සභාව |
2018.10.24 |
මාස 05 |
(iii)
|
අංකය පළාත් සභාව |
නිල කාලය අවසන් විය යුතු කාලය නිල කාලය අවසන් වීමට ඇති කාලය |
|
|
|
01 |
ඌව පළාත් සභාව |
2019.10.08 |
මාස 06 දින 06 |
|
02 |
බස්නාහිර පළාත් සභාව |
2019.04.21 |
දින 19 |
|
03 |
දකුණු පළාත් සභාව |
2019.04.09 |
දින 07 |
(iv) පැරණි ක්‍රමයට ම මැතිවරණය පැවැත්වීමට යෝජනා කරමින් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳව අමාත්‍ය මණ්ඩල තීරණය හා මෙයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව සඳහා ලබාදෙන තීන්දුව ප්‍රකාරව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks