01

E   |   த   |  

 දිනය: 2019-03-26   පිළිතුර ලබා දී ඇත 

0692/2019: රුපියල අවප්‍රමාණය වීම: විදේශ ණය කෙරෙහි බලපෑම

692/’19

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015.01.09 දින සිට 2017.11.30 දින දක්වා ඇමරිකන් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව, ශ්‍රී ලංකා රුපියල පිරිහී ඇති අගය කොපමණද;

            (ii)       එකී කාල වකවානුව තුළ රුපියලේ පිරිහීම හේතුවෙන් ආණ්ඩුවේ විදේශ ණය  ඉහළ ගොස් ඇති ප්‍රමාණය රුපියල් වලින් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-26

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015.01.09 දින සිට 2017.11.30වන දින දක්වා කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 14.6කින් අවප්‍රමාණය වී ඇත.

              (ii)      එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2015 ජනවාරි සිට 2017 නොවැම්බර් දක්වා වන කාලය තුළදී මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණයෙහි රුපියල් අගය රුපියල් මිලියන 626,439කින් ඉහළ ගොස් ඇත. කෙසේ නමුත්, විදේශ මුදලින් ගත් කල මෙම කාල පරිච්ඡේදය තුළදී නොපියවූ විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් නැත.

(ආ)  පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-03-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks