බලන්න

04

E   |     |  

 දිනය: 2019-04-05   පිළිතුර ලබා දී ඇත 

0690/2019: සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් වූවන්: වන්දි ගෙවීම්

690/’19

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2016 වර්ෂයේදී කොස්ගම, සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරී යෑමෙන්,

              (i)       මියගිය සංඛ්‍යාව කොපමණද;

            (ii)       ආබාධිත වූ සංඛ්‍යාව කොපමණද;

(iii) විපතට පත් පුද්ගලයන්ට රජය විසින් ගෙවන ලද මුළු වන්දි මුදල කොපමණද;

(iv) මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රජය විසින් ගෙවන ලද වන්දි මුදල කොපමණද;

(v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවන ලද උපරිම සහ අවම වන්දි මුදල කොපමණද;

(vi) අවතැන් වූ සියලුම දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද;

(vii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-05

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      මියගිය සංඛ්‍යාව - සිවිල් පුද්ගලයන් - 01

                         හමුදා සාමාජිකයන් - 01

               (ii)      ආබාධිත සංඛ්‍යාව - සිවිල් පුද්ගලයන් - 02

              (iii)      රුපියල් 1,216,011,158.72කි.

              (iv)      රුපියල් 100,000.00යි.

               (v)      උපරිම වන්දි මුදල රුපියල් 41,900,000.00

                         අවම වන්දි මුදල රු. 500.00

              (vi)      නිවාස ලබා දී නොමැති අතර, හානිවූ නිවාස සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව විසින් කරන ලද තක්සේරු වටිනාකමට අදාළව වන්දි මුදල් ගෙවා ඇත.

(vii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks