01

E   |     |  

 දිනය: 2019-03-29   පිළිතුර ලබා දී ඇත 

0680/2019: ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය: ආරක්ෂාව හා සුබසාධනය

680/’18

ගරු කනක හේරත් මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වෙසෙන වැඩිහිටි (අවු. 60 ඉක්ම වු) ජනතාව සඳහා රජය විසින් සලසන සුබසාධන පහසුකම් කවරේද;

             (ii)      2001 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහන ප්‍රතිශතය එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iii) පුරෝකථනයන්ට අනුව 2021 වර්ෂය වනවිට එම ප්‍රතිශතය කොපමණ විය හැකිද;

(iv) ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහන ප්‍රතිශතය වාර්ෂිකව සීග්‍රයෙන් ඉහළ යන බව  දන්නේද; 

(v) එසේ නම්, ඉහළ යන මෙම වැඩිහිටි ජනගහනයේ සුරක්ෂිතතාවය සහ සුබසාධනය සඳහා යම් වැඩපිළිවෙළක් දියත් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වැඩිහිටියන් සඳහා ලබාදෙනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පතෙන් රජය බලාපොරොත්තු වන සහන ඉටු වන්නේද;

(ii) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා අය කරනු ලබන බද්දෙන් ඔවුන් නිදහස් කිරීම සඳහා ඔබ අමාත්‍යාංශය මැදිහත් වන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකාවේ තිබෙන වැඩිහිටි නිවාස සංඛ්‍යාව කොපමණද;

(ii) එම වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය සලකා බැලීම සඳහා යොදා ගනු ලබන නිර්ණායක කවරේද;

        යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-29

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2019-03-29

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks