පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0786/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) නැගෙනහිර පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ, (i) කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ශ්‍රමිකයින් සංඛ්‍යාව; (ii) මාසිකව නිෂ්පාදනය කරනු ලබන කරදිය හා මිරිදිය මත්‍ස්‍ය ප්‍රමාණය; (iii) කරදිය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා රජය මඟින් ලබාදෙන සහනාධාරයන් සහ ඒ සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද; (ආ) (i) නැගෙනහිර පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ කරදිය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නංවාලීම උදෙසා ඉදිරියේදී රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත වැඩ වැඩසටහන් කවරේද; (ii) ඒ සඳහා එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන් රජය වැය කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණයන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-21
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks