01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0674/2019: Rebuilding Mahawewa Bridge

674/’18

ගරු චන්දිම ගමගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ, අංක 635 ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මහවැව පාලම අබලන් වී ඇති බවත්;

             (ii)       එම පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා උතුරු මැද පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඇස්තමේන්තුවක් ඔබ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවත්;

(iii) අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ සඳහා ප්‍රතිපාදන මේ දක්වා ලබා දී නොමැති බවත්;

(iv) ඉදිරි වර්ෂා කාලයේදී මහවැව පාලම විනාශ වුවහොත්, ගම්මාන 8 ක ජීවත් වන 7000ක් පමණ වූ ගොවි ජනතාව ප්‍රවාහන දුෂ්කරතාවයකට පත්වී අසරණ වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-19

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks