පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
673/’19
ගරු එච්. ආර්. සාරතී දුෂ්මන්ත මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ CRI නමැති ව්‍යාපෘතියක් ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන්නේද;
(ii) එම ව්‍යාපෘතිය යටතේ දැනට යෝජනා වී ඇති ව්‍යාපෘති කවරේද;
(iii) එම ව්‍යාපෘති අතර යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වී ඔය ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) CRI ව්‍යාපෘතිය යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ හෝ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රූකාෂල් නමැති ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
(ii) එම ව්‍යාපෘතියේ සැලැස්ම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
(iii) මෙම ව්‍යාපෘතියෙන් දැරණියගල නගරය ජලයට යටවන්නේද;
(iv) මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(v) එම ඇස්තමේන්තුව සහ සැලැස්ම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-19
අසන ලද්දේ
ගරු සාරතී දුෂ්මන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්. එය දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය - Climate Resilience Improvement Project (CRIP) - ලෙස ක්‍රියාත්මක වේ.
(ii) කැලණි ගඟ, අත්තනගලු ඔය, මහවැලි ගඟ පහළ කොටස, කලා ඔය, දැදුරු ඔය, මහ ඔය, ගිං ගඟ, නිල්වලා ගඟ, මල්වතු ඔය සහ ගල් ඔය යන ප්‍රධාන ගංගා සහ ඔයවල්වල ශඛ්‍යතා අධ්‍යයනයන්ගෙන් පසුව ව්‍යාපෘති තෝරා ගැනීමට බලාපොරොත්තු වේ.
(iii) පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන් කර ඇත.
(ආ) (i) පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන් කර ඇත.
(ii) ඔව්. සංවර්ධනය කිරීමට හඳුනා ගත් යෝජිත ජලාශ දළ සැලැස්ම ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කරමි.
ඇමුණුම 01 සභාගත* කරමි.
(iii) නැත.
(iv) විස්තරාත්මක ඇස්තමේන්තු සකස් කළ හැක්කේ සියලු අධ්‍යයන කටයුතු හා සැලසුම් සකස් කිරීමෙන් අනතුරුවය. නැවත පදිංචි කිරීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ පිරිවැයද ඇතුළත්ව දළ වශයෙන් රුපියල් මිලියන 24,279.2ක් පමණ වැය වේ යැයි ගණන් බලා ඇත.
(v) විස්තරාත්මක ඇස්තමේන්තු පිළියෙල කර අවසන් වී නොමැති නිසා ඉදිරිපත් කළ නොහැක.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks