01

E   |     |  

 දිනය: 2019-07-24   පිළිතුර ලබා දී ඇත 

0659/2019: කන්තලේ නගරයේ ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපොළ: බදු ගිවිසුම්

659/’18

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කන්තලේ නගරයේ පිහිටා ඇති, දැනට වාර්ෂික බදු පදනම යටතේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබන සහ නේවාසිකව පදිංචිව සිටින ස්ථාන වෙනුවෙන් වූ බදු ගිවිසුම් සමහර පුද්ගලයන් විසින් තවමත් දීර්ඝ කර නොමැති බව එතුමා දන්නෙහිද? 

(ආ) (i) කන්තලේ නගරයේ එලෙස බදු පදනම මත සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඒ අතරින් වාර්ෂික බදු ගිවිසුම් දීර්ඝ කර නොමැති පුද්ගලයන් කවුරුන්ද;

 

 

(iii) එලෙස බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-24

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        ඔව්.

(ආ)         (i)      16 දෙනකු බදු පදනම මත සිටී. (බදු ගිවිසුම් 18කි.)

              (ii)        බදු ගිවිසුම් 18ම වාර්ෂිකව  දීර්ඝ කර නොමැත.

01.   ඩබ්ලිව්.පී. කීර්තිසේන මහතා.

02.   සභාපති, සුළු නගර සභාව, කන්තලේ - බදුකර 02ක්.

03.   කේ. චාර්ල්ස් සිල්වා මහතා.

04.   පී. බුද්ධදාස මහතා.

05. ඒ.එම්. ජයරත්න මහතා.

06. ඒ.ඩබ්ලිව්.පී. හැන්ඩිසිං‍ඤෝ මහතා.

07. ඩබ්ලිව්.එම්. ගුණතිලක මහතා.

08. ආර්.පී. පියතිස්ස මහතා.

09. ඩබ්ලිව්.ඒ.ඩී. රෙජී පෙරේරා මහතා. - බදුකර 02ක්.

10. කේ.පී. ඩේවිඩ් මහතා.

11. එල්.බී. දිසානායක මහතා.

12. එච්.ඒ.එච්. අප්පුහාමි මහතා.

13. ටී. ශිරාණි කාන්ති මිය.

14. ඩී.ජේ. හෙක්ටර් ප්‍රනාන්දු මහතා.

15. ආර්.පී. අනුලාවතී මිය.

16. කේ.ජී. ලීලාවතී මිය.

(iii) ඔව්.

01. හිඟ බදු නොගෙවීම.

02. අනවසර පරිහරණයට ලක් වී ති‍බීම.

03. බදුකරු මිය ගොස් තිබීම.

04. අතුරු බදු ලබා දී තිබීම.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks