04

E   |     |  

 දිනය: 2011-01-20   පිළිතුර ලබා දී ඇත 

0784/2011: Diary Farmers in Eastern Province

0784/’10 ගරු අනෝමා ගමගේ මහත්මිය,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) නැගෙනහිර පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ, (i) කිරි නිෂ්පාදන ගොවීන් සංඛ්‍යාව; (ii) මාසිකව නිෂ්පාදනය කරනු ලබන කිරි ලීටර් සංඛ්‍යාව; (iii) රජය මඟින් මිලදී ගනු ලබන කිරි ලීටර් ප්‍රමාණය; (iv) කිරි ගව පාලනය සඳහා රජය මඟින් ලබාදෙන සහනාධාරයන් සහ ඒ සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ආ) (i) නැගෙනහිර පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය නංවාලීම සඳහා ඉදිරියේදී රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත වැඩ සටහන් කවරේද; (ii) ඒ සඳහා එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන් රජය වැය කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණයන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks