පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
633/’18
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1948 සිට 2015 දක්වා විවිධ ගිවිසුම් සහ නීති යටතේ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ පදිංචියට ගිය හෝ යැවූ පුද්ගලයන් සංඛ්‍යාව;
(ii) වර්ෂ 1983 සිට 2009 දක්වා සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය පුද්ගලයන් සංඛ්‍යාව;
(iii) වර්ෂ 2009 සිට 2017 දක්වා සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය පුද්ගලයන්ගෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-21
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මෙහි තොරතුරු පවතින්නේ 1949 වර්ෂයේ සිට වන අතර 1949 අංක 03 දරන පනත යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයදුම් කර තිබූ නමුත්, නැවත එම අදහස අත්හැර පෙරළා ඉන්දියාවට ගිය පුද්ගලයන් පිළිබඳ දෙපාර්තමේන්තුව සතු තොරතුරු පහත පරිදි වේ.
|
අනු අංකය |
වර්ෂය |
ඉන්දියාවට යැවූ පුද්ගලයන් සංඛ්‍යාව |
|
01 |
1949 |
2,415 |
|
02 |
1950 |
4,717 |
|
03 |
1951 |
12,000 |
|
04 |
1953 |
9,323 |
|
05 |
1954 |
13,377 |
|
06 |
1955 |
22,871 |
|
07 |
1956 |
15,985 |
|
08 |
1963 |
7,357 |
1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැංවීමේ පනත මඟින් ඉන්දියානුවන් 600,000 නැවත ඉන්දියාවට යැවීමට තීරණය වී ඇත. එයින් 94,000ක් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉතිරි 506,000ක පුද්ගලයන් අතරින් 342,000ක පමණ පුද්ගලයන් 1983 දක්වා කාලය තුළ ආපසු ඉන්දියාවට යවා ඇත.
1988 අංක 39 දරන ආදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත අනුව 80,000ක පුද්ගලයන් පිරිසක් ඉන්දියාවට යැවීමට නියමිතව තිබුණි. නමුත් 1983 වර්ෂයේ මෙරට ඇති වූ කලබල තත්වය හේතුවෙන් ඉන්දියාව බලා ප්‍රවාහනය කරන මගී නැව් සේවාව අත්හිටුවන ලද බැවින් එම පුද්ගලයන් තවදුරටත් ලංකාවේ රැඳී සිට ඇත. එසේම, යුදමය තත්ත්වය මත විවිධ ක්‍රම උපයෝගි කර ගනිමින් පුද්ගලයන් විශාල පිරිසක් ඉන්දියාවට ගොස් ඇතත්, ඒ පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොමැත.
(ii) වර්ෂ 1983 සිට 2009 දක්වා විවිධ නිල නොවන ක්‍රම උපයෝගි කර ගනිමින් ලංකාවේ පුද්ගලයන් ඉන්දියාවට ගොස් ඇත. එබැවින් සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය පුද්ගලයන් පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු සැපයීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැත
(iii) වර්ෂ 2012 සිට 2019 වර්ෂය දක්වා සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය පුද්ගලයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගමන් බලපත් 11,356ක් නිකුත් කර යවා ඇති අතර, එම ගමන් බලපත් භාවිතයෙන් නැවත ලංකාවට පැමිණි සරණාගතයන් ගණන 7,753කි. එම තොරතුරු පහත සඳහන් පරිදි වේ.
|
අනු අංකය |
වර්ෂය |
නිකුත් කරන ලද ගමන් බලපත් ප්‍රමාණය |
නැවත පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව |
|
01 |
2009 |
- |
- |
|
02 |
2010 |
- |
- |
|
03 |
2011 |
- |
- |
|
04 |
2012 |
1112 |
160 |
|
05 |
2013 |
1380 |
966 |
|
06 |
2014 |
1138 |
809 |
|
07 |
2015 |
1333 |
957 |
|
08 |
2016 |
1802 |
1269 |
|
09 |
2017 |
2093 |
1652 |
|
10 |
2018 |
1872 |
1482 |
|
11 |
2019 |
626 |
458 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks