01

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0631/2019: ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දුන් ඉන්දියානු හෝ පාකිස්තානු ජාතිකයන්: විස්තර

631/’18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 1947 සිට 2000 දක්වා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දුන් ඉන්දියානු හෝ පාකිස්තානු ජාතිකයන් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       මෙහි තොරතුරු පවතින්නේ 1949 වර්ෂයේ සිට වන අතර, 1949 අංක 03 දරන ඉන්දියානු හා පාකිස්තානු පදිංචිකරුවන්ගේ පුරවැසිභාවය  පිළිබඳ පනත, 1967 අංක 14 දරන පනත (සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම) සහ 1988 අංක 39 (විශේෂ විධිවිධාන) පනත අනුව ඉන්දියානු හා පාකිස්තානු පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දී ඇත.

           පුරවැසිභාවය ලබා දීම පිළිබඳ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් තොරතුරු දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ නොමැති බැවින්, එක් එක් ගිවිසුම අනුව පුරවැසිභාවය ලබා දෙන ලද පුද්ගලයන් ගණන පහත සඳහන් පරිදි වේ.

එම පුද්ගලයන් ඉන්දියානු හෝ පාකිස්තානු ජාතිකයන් ලෙස වෙන් වෙන් වශයෙන් වර්ග කර නැත.

 

අනු අංකය

ගිවිසුම

ඉන්දියානු සහ පාකිස්තානු පුද්ගලයන් ගණන

01

1949

134,320

02

1967

343,985

03

1988

  43,850

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-09-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks