logo

02

E   |     |  

 දිනය: 2019-06-19   පිළිතුර ලබා දී ඇත 

0628/2019: ජල හිඟය හේතුවෙන් වගා නොකළ කුඹුරු ඉඩම් : අම්පාර දිස්ත්‍රික්කය

628/’18

ගරු විමලවීර දිසානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2018 වර්ෂයේ යල කන්නයේ ජල හිඟය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ  වී වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද; 

             (ii)       එසේ වී වගා කිරීමට නොහැකි වූ ඉඩම් හිමි ගොවි පවුල් සඳහා වන්දි ගෙවන්නේද;

   (iii) නොඑසේ නම්, එම ගොවි පවුල් සඳහා සාධාරණ වෙනත් සහනයක් ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-19

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      හෙක්ටයාර් 22,215.18කි.

              (ii)      නැත.

             (iii)      නියඟය නිසා හානි වූ අක්කර 703.8ක් සඳහා වන්දි ගෙවීමට කටයුතු කරමින් පවතී.

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks