පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
622/’18
ගරු ශෙහාන් සේමසිංහ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
(ii) අනුරාධපුර ඩිපෝවට අයත් බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iii) ඒ අතරින් ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2018.09.21 දින අනුරාධපුර ඩිපෝවේ බස් රථ ධාවනය කර තිබේද;
(ii) එදින ධාවනය කළ බස් රථවල ධාවන සටහන් ඉදිරිපත් කරන්නේද;
(iii) එදින ලැබූ ආදායම කොපමණද;
(iv) එදින වෙනත් කාර්යයක් සඳහා බස්රථ යොදවා තිබේද;
(v) එසේ නම්, එම කාර්යය කුමක්ද; යෙදවූ බස් රථ සංඛ්‍යාව කොපමණද;
(vi) එම කාර්යය සඳහා අදාළ අමාත්‍යාංශය විසින් ගෙවීම් කර තිබේ නම්, එම මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-01
අසන ලද්දේ
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 04කි. එනම්, අනුරාධපුරය, කැකිරාව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව.
(ii) 107කි.
(iii) 101කි.
(ආ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) රුපියල් 2,313,739.00කි. (විසිතුන්ලක්ෂ දහතුන්දහස් හත්සිය තිස්නවයකි.)
(iv) ඔව්.
(v) එල්ලංගා වැඩසටහන සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය වෙත බස්රථ 86ක් ලබා දී ඇත.
(vi) එල්ලංගා වැඩසටහන සඳහා බස්රථ වෙනුවෙන් ගෙවීම් කර ඇති ආකාරය පහත සඳහන් කරමි.
|
අනු අංකය |
ආයතනය |
අයකර ගත් මුදල (රුපියල්) |
|
01 |
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව |
897,490.00 |
|
02 |
මහවැලි අධිකාරිය |
703,800.00 |
|
|
මුළු එකතුව |
1,601,290.00 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-04-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks