පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
621/’18
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් කෝටි 250ක් වැය කරමින් නාවලපිටිය නගර සංවර්ධන වැඩසටහන් සිදු කළ බවත්;
(ii) එම වැඩසටහන යටතේ නාවලපිටිය නගරය තුළ විවිධ ස්ථානවල තිබූ ව්‍යාපාර ගැසට් කර ස්ථානගත කළ බවත්;
(iii) නගරයේ විවිධ ස්ථානවල තිබූ එළවළු වෙළෙඳසැල් පොදු වෙළෙඳපොළ වෙත ස්ථානගත කළ බවත්;
(iv) නගර සභාව විසින් ගැසට් කර අනුමත කර තිබියදී, වත්මන් පාලනය විසින් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගෙන නගරයේ සෑම ස්ථානයකම එළවළු සහ පලතුරු විකිණීමට අවසර ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) නීතිවිරෝධී ලෙස කරගෙන යනු ලබන මෙම කටයුත්ත නැවැත්වීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-26
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පිළි නොගනී.
නාවලපිටිය නගර සංවර්ධනය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් කෝටි 250ක් වැය කර නැත. කෙසේ වුවද, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද දළ නගර සංවර්ධන සැලැස්මට අනුව පහත සඳහන් ව්‍යාපෘති 2008 වසර වන විට හඳුනා ගන්නා ලදී.
01. නව වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම.
02. දුම්රිය සමාජ ශාලා ගොනැඟිල්ල පුනස්ථාපනය කිරීම.
03. පවත්නා බස් නැවතුම්පළ පුළුල් කිරීම හා එහි ගුවන් පාලම් ඉදිකිරීම.
04. නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම.
05. මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිකිරීම.
06. ජයතිලක ක්‍රීඩාංගණයේ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම.
07. නගර සභා පුස්තකාලය හා ගොනැඟිල්ල ඉදිකිරීම.
08. මාර්ග සංවර්ධනය කිරීම.
09. නව පොලිස් ස්ථානය ඉදිකිරීම.
ඉහත ව්‍යාපෘති අතුරින් පොදු වෙළෙඳ පොළ සංවර්ධනය කිරීම හා දුම්රිය සමාජ ශාලා ගොඩනැඟිල්ල පුනස්ථාපනය කිරීම යන ව්‍යාපෘතීන්හි උපදේශන කටයුතු (ගෘහ නිර්මාණ ශිල්පී) පමණක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදී. දුම්රිය සමාජ ශාලාව පිහිටි භූමිය නව වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීම සඳහා අවශ්‍ය වූ බැවින්, සමාජ ශාලා ගොඩනැඟිල්ල වෙනත් ස්ථානයක ඉදි කරන ලදී. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 5ක මුදලක් වැය කරන ලදී. අනෙකුත් ව්‍යාපෘති සියල්ලම අදාළ ඒ ඒ අමාත්‍යාංශ විසින් සිදු කරන ලදී.
(ii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් එවැනි ව්‍යාපාර ගැසට් කිරීමක් සිදු නොකරයි.
(iii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් එවැනි දෙයක් සිදු කර නොමැත.
පොදු වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ලේ ඉදි කිරීම්වලට අදාළ ගොඩනැඟිලි සැලසුම් සකස් කිරීම, ටෙන්ඩර් පත්‍රිකා සකස් කිරීම, ගිවිසුම් පත්‍රිකා සකස් කිරීම පමණක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදී. වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් පෙර විකුණුම් පදනම මත ලබාගත් මුදල් මඟින් නාවලපිටිය නගර සභාව විසින් සිදු කරන ලද අතර, වෙළෙඳ සැල් ලබා දීමටද නගර සභාව විසින් සිදු කරන ලදී.
(iv) නොදනී.
(ආ) නීති විරෝධීව සිදු කෙරෙන එවැනි කටයුතු පිළිබඳව ක්‍රියා කිරීම පොදු වෙළෙඳ සංකීර්ණයේ පාලනය භාරව කටයුතු කරන නාවලපිටිය නගර සභාවේ වගකීමකි. නීති විරෝධීව එවැනි කාර්යයන් සිදු කෙරේ නම්, එවැනි කටයුතු නැවැත්වීම සඳහා අදාළ තොරතුරු සමඟ නීතිය ක්‍රියාත්මක කෙරෙන ආයතන වෙත එනම්, ශ්‍රී ලංකා පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීම අදාළ තොරතුරු සතු පුද්ගලයන් හා ආයතනවල වගකීම වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks