01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0620/2019: Removal of Bridge Nawalapitiya

620/’18

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (​i)      නාවලපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 300ක වියදමින් නාවලපිටිය නගරය මැදින් ගුවන් පාලමක් ඉදිකර ඇති බව දන්නේද;

(​ii) වත්මන් නාවලපිටිය නගර සභාව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව මෙම රාජ්‍ය දේපළ කඩා ඉවත්කර විකිණීමට යන බව දන්නේද;

(iii) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මෙම පාලම ඔබ අමාත්‍යාංශයේ අවසරයකින් තොරව කඩා ඉවත් කිරීම නතර කිරීම‍ට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-11

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks