01

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0598/2019: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි කැණීම් සඳහා නිකුත් කළ බලපත්‍ර : විස්තර

598/’18

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2010 වර්ෂයේ සිට අද දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි කැනීම් කටයුතු සඳහා බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පුද්ගලයන්ගේ නම්, ලිපින හා දුරකථන අංක කවරේද;

 

 

(iii) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට වැලි සම්බන්ධයෙන් මතු වී ඇති ඒකාධිකාරීත්වය මැඩපැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි, 2010 මැයි මස සිට 2015 වසර දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි කැණීම් කටයුතු සඳහා පුද්ගලයන් 243 දෙනෙකුට සහ මේ දක්වා ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා (පුද්) සමාගම වෙත  බලපත්‍ර නිකුත් කර ඇත.

              (ii)       බලපත්‍රලාභින්ගේ නම්, ලිපින ඇතුළු ලේඛනය ඇමුණුම් අංක 01 ලෙස ඉදිරිපත් කරමි. පුද්ගලයන්ගේ දුරකථන අංක දත්ත ගබඩාවට ඇතුළත් කර නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks