01

E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0596/2019: Project to take over estate hospitals to the Government

596/’19

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වතුකරයේ ජීවත්වන ලක්ෂ 08කට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් වතුකරයේ රෝහල් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ බව  පිළිගන්නේද;

(ii) එම වැඩපිළිවෙළ අනුව, 2014 වර්ෂය අවසන් වනවිට එලෙස රජයට පවරාගෙන ඇති වතු රෝහල් සංඛ්‍යාව, රෝහලේ නම සහ පවරාගත් කාලවකවානුව කවරේද;

(iii) මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන බව පිළිගන්නේද;

(iv) මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය වාර්ෂිකව වැයකළ මුදල ඉදිරිපත් කරන්නේද;

(v) වතුක‍රයේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට මෙම ව්‍යාපෘතිය මඟින් විශාල පිටුවහලක් වූ බැවින් එ‍ය කඩිනමින් නැවත ආරම්භ කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks