පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
595/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 286ට අනුව, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය වෙනුවෙන්, “බැඳුම්කර නිශ්කාෂන” ආයතනයක් පිහිටුවනු ලැබුවේද;
(ii) ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධීක්‍ෂණය යටතේ අලෙවි ව්‍යුහයක් පිහිටුවීම සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලින් වෙන්කළ රුපියල් මිලියන 500ක් උපයෝජනය කළ ආකාරය පැහැදිලි කරන්නේද;
(iii) වර්ෂ 2015 සිට 2017 දක්වා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජකයන්ගේ හැසිරීම කෙබඳු වීද; ඔවුන් විසින් එක් එක් වර්ෂයේදී ආපසු කැඳවූ ආයෝජන වටිනාකම එක්සත් ජනපද ඩොලර්වලින් කොපමණද;
(iv) 2018 වර්ෂයේ සිට විදේශීය ආයෝජකයන්, ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් වෙළෙඳපොළ කෙරෙහි ආකර්ෂණය කර ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-18
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
අ) (i) ශ්‍රී ලංකාවේ නවීන මූල්‍ය වෙළෙඳ පොළ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම හා ඒ සඳහා වන නීත්‍යනුකූල හා නියාමන රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා මහ බැංකුව නිරත වෙමින් සිටී. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ මුදල් අමාත්‍යාංශයේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට (SCAPC) සහාය දැක්වීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) පිහිටුවීම හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව (CACPC) පිහිටුවීම සිදු කරන ලදී. මේ වෙනුවෙන් අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද සහිතව උපදේශන සේවාවන් ලබා ගැනීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා මහ බැංකුව නිරත වෙමින් සිටී.
(ii) රජයේ රුපියල් මිලියන 500ක් වූ අරමුදල් යොදා ගෙන නොමැත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන අරමුදල් මහ බැංකුවේ අය වැය ප්‍රතිපාදන මගින් මූල්‍යයනය කිරීම සිදු කරනු ඇත.
(iii) 2015, 2016, 2017 සහ 2018 වසරවල රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළව විදේශ ආයෝජකයන්ගෙන් ශුද්ධ ලැබීම් පිළිවෙළින් ඇ.එ.ජ. ඩොලර් මිලියන 1,093.40 සහ ඩොලර් මිලියන 324.28යි. ඒක රටින් පිට වෙච්ච ප්‍රමාණය. ඊළඟ වසරේදී රටට ආපු ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් මිලියන 440.58යි. ඊට පස්සේ අවුරුද්දේ පිට වෙච්ච ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් මිලියන 990.07ක් විය.
පිළිතුරු දුන් දිනය
2019-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks