පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
594/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 287හි සඳහන් පරිදි පහත වැටී ඇති කොටස් වෙළෙඳපොල ගනුදෙනු ඉහළ නැංවීමට අදාළව සිදු කළ බදු සංශෝධන කවරේද;
(ii) එකී ඵලදායී වෙනස්කම් හේතුවෙන් පහත වැටී ඇතැයි සඳහන් වූ කොටස් වෙළෙඳපොල ගනුදෙනු ඉහළ ගිය ප්‍රමාණය, අදාළ දර්ශක යොදා ගනිමින් පැහැදිලි කරන්නේද;
(iii) 2009 වර්ෂයෙන් පසු මේ දක්වා එක් එක් වර්ෂයේ කොටස් වෙළෙඳපොල ගනුදෙනු ප්‍රමාණය පිළිබඳ දත්ත සටහනක් ඉදිරිපත් කරන්නේද;
(iv) යුද ගැටුම් නිමවීමෙන් පසුව, වර්ෂ 2010 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලෙහි විදේශ ආයෝජනයන්හි උපනතීන් පැහැදිලි කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළ නැංවීම සඳහා 2016 අය වැයේදී සිදු කළ යෝජනාවන් අතර කොටස් ගනුදෙනු බද්ද සහ කොටස් සහතික මත වන මුද්දර බද්ද ඉවත් කිරීමට යෝජනා විය. ඒ අනුව, 2016 ජනවාරි 01වෙනි දින සිට කොටස් ගනුදෙනු බද්ද ඉවත් කළ ද, සමගාමී යෝජනාවක් වන ජාතිය ගොඩනැඟීමේ බද්ද සියයට 2 සිට සියයට 4 දක්වා ඉහළ නැංවීම ක්‍රියාත්මක නොවූ බැවින් 2016.04.01වෙනි දින සිට කොටස් ගනුදෙනු බද්ද යළි පනවන ලදී.
එසේ වුවද, 2016 ජනවාරි මාසයේ 01වෙනි දින සිට කොටස් සහතික මත මුද්දර බද්ද ඉවත් කර ඇත.
(ii)
(iii)
වසර
වාර්ෂික පිරිවැටුම (රු.මි.)
දෛනික සාමාන්‍ය පිරිවැටුම (රු.මි.)
ගනුදෙනු සංඛ්‍යාව
2009
142,462.65
593.59
1,266,299
2010
570,326.82
2,396.33
3,355,126
2011
546,255,84
2,285.59
4,579,352
2012
213,827.20
883.58
1,857,384
2013
200,467.80
828.38
1,421,303
2014
340,917.12
1,414.59
1,982,709
2015
253,251.01
1,059.63
1,506,790
2016
176,935.45
737.23
1,056,849
2017
220,591.24
915.32
981,977
2018 සැප්තැම්බර් දක්වා140,987.25
787.63
675,796
(iv)
වසර
විදේශීය මිලදී ගැනුම් (රු.මි)
විදේශීය විකුණුම් (රු.මි)
ශුද්ධ විදේශීය ගලා යාම්/ ගලා ඒම් (රු.මි)
2010
92,425.53
118,760.87
(26,335.34)
2011
49,776.81
68,816.03
(19,039.22)
2012
72,614.25
33,953.57
38,660.68
2013
83,607.03
60,873.31
22,733.71
2014
104,689.80
83,550.81
21,138.99
2015
84,414.56
89,784.44
(5,369.88)
2016
74,583.02
74,199.50
38,353
2017
112,284.76
94,627.32
17,657.44
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks