01

E   |     |  

 දිනය: 2019-04-03   පිළිතුර ලබා දී ඇත 

0593/2019: කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවන්ගේ අර්බුද විසඳීම: රජයේ මැදිහත් වීම

593/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැය යෝජනා 288 හි සඳහන් කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන් මුහුණ දී  සිටි අර්බුදයන් කවරේද;

             (ii)      උක්ත අර්බුදයන් විසඳීම සඳහා, රජයේ මැදිහත් වීම සිදු වූ ආකාරය කවරේද;

(iii) වර්ෂ 2014 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වූ තැරැව්කරුවන් සංඛ්‍යාව; ඔවුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය සහ එක් එක් වර්ෂයේ තැරැව්කාර ගණුදෙනු ප්‍රමාණය දැක්වෙන දත්ත වගුවක් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

 (iv) 2016 වර්ෂය තුළදී ඒකාබද්ධ වූ ‍කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-03

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම උච්චාවචනය වන බැවින් කොටස් වෙළෙඳ පොළේ පිරිවැටුමෙන් 0.640% ක ප්‍රතිශතයක් තම කොමිස් වශයෙන් ලබන කොටස් තැරැව්කාර ආයතන කොටස් වෙළෙඳ පොළේ මුළු පිරිවැටුම පහළ වැටුණු විට ආදායම අඩුවීමේ ප්‍රවණතාවට මුහුණපානු ලබයි. එබැවින් 2016 අය වැය මඟින් කොටස් තැරැව්කාර ආයතන ඒකාබද්ධවීම සුදුසු බව යෝජනා කර ඇත.

(ii) කොටස් තරැව්කාර ආයතනවල ප්‍රමිතිය සහ කටයුතු ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පියවර කිහිපයක්ම ගෙන ඇත.

* කොටස් තැරැව්කාර ආයතන සඳහා කොටස් හිමියන්ගේ අවම අරමුදල - Minimum Shareholders' Fund - රුපියල් මිලියන 100 දක්වා ඉහළ දැමීම. මෙමඟින් කොටස් තැරැව්කාර ආයතනවල දිගුකාලීන පැවැත්ම සහ මූල්‍ය ස්ථාවරත්වය සොයා බලනු ලබයි.

* අවදානම පදනම කරගත් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයක් හඳුන්වා දීම. - Capital Adequacy Ratio - මෙමඟින් කොටස් තැරැව්කාර ආයතනවල කෙටි කාලීන ද්‍රවශීලතාව සහ එදිනෙදා ව්‍යාපාර කටයුතුවල පැවැත්ම සහ අවදානම සොයා බලනු ලබයි.

* කොටස් තැරැව්කාර ආයතනවලට දේශීය සහ විදේශීය ආයෝජකයන් සම්බන්ධ කිරීම සඳහා නිරතුරුව දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් සම්මන්ත්‍රණ සංවිධාන  කිරීම. මෙම සම්මන්ත්‍රණ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව - Stock Exchange - එක්ව සංවිධාන කරනු ලබයි.

* කොටස් තැරැව්කාර ආයතන සඳහා පොදු අභ්‍යන්තර තොරතුරු පද්ධතියක් - Broker Back Office System - හඳුන්වා දීම. මේ සඳහා රුපියල් මිලියන 5ක උපරිමයකට  යටත්ව සෑම කොටස් තැරැව්කාර ආයතනයක් සඳහාම අරමුදල් ලබා දෙනු ලැබීය.

* කොටස් තැරැව්කාර ආයතන නිරතුරුව එතැන් හා විතැන් විගණන - Internal and External Audit -තුළින් අධීක්ෂණයට ලක් කිරීම. එමඟින්, හඳුන්වා ගනු ලබන දුර්වලතා සඳහා කඩිනම් විසඳුම් ලබා දීම.

(iii)

වසර

කොටස් තැරැව්කාර ආයතන ප්‍රමාණය (කොටස් හා ණය තැරැව්කාර ආයතන)

ශාඛා ප්‍රමාණය

කොටස් තැරැව්කාර ආයතනවල ගනු දෙනු ප්‍රමාණය (මිලියන)

2014

36

77

1.98

2015

36

74

1.51

2016

35

48

1.06

(iv) කිසිවක් ඒකාබද්ධ නොවීය.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks