පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
591/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 290 ට අනුව, ලැයිස්තුගත දේපළ වෙළඳාම් භාරයක් (Real Estate Trusts) පිහිටුවනු ලැබුවේද;
(ii) එවැනි භාරයක් පිහිටුවීමට අදාළ ප්රාරම්භක කාර්යයන් පිළිබඳ වගකීම පවරා දුන් පාර්ශ්ව කවරේද;
(iii) ලැයිස්තුගත ඒකක භාරයක් පිහිටුවීමකින් තොරව, රජයේ ඉඩම් මහා පරිමාණ නිවාස ව්යාපෘති සඳහා පෞද්ගලික ව්යාපාරිකයන්ට පවරා දී තිබේද;
(iv) එසේ නම්, ඒ සඳහා වන කොන්දේසි හා ගෙවීම් කවරේද;
(v) රජයේ ඉඩම්, මහා පරිමාණ නිවාස සංවර්ධන ව්යාපෘති වෙනුවෙන් පෞද්ගලික ව්යාපාරිකයන්ට පවරාදීමේදී ඒ සඳහා නිසි පරිදි අමාත්ය මණ්ඩල අනුමතිය ලබා දී තිබේද;
(vi) එසේ නම්, පෞද්ගලික ව්යවසායකයන් තෝරාගැනීමේදී අනුගමනය කරනු ලබන ක්රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-26
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්යාංශය
මුදල්
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දේපළ වෙළඳාම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්රාග්ධනය සැපයීමට සහ කුඩා ආයෝජකයින්ට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ වර්ධනයෙහි ප්රතිලාභ ඍජුව ලබා ගැනීමට හැකි වන පරිදි ලැයිස්තුගත දේපළ වෙළඳාම් භාරයක් පිහිටුවීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන ලදී.
(ii) එකී ලැයිස්තුගත දේපළ වෙළඳාම් භාරයක් පිහිටුවීමට තවදුරටත් කටයුතු සිදු කරමින් පවතින අතර එය පිහිටුවීමෙන් අනතුරුව ඊට අදාළ ඒකකය මුද්දර බද්දෙන් නිදහස් කිරීමටද කටයුතු කරනු ඇත.
(iii) රජයේ ඉඩම් ව්යාපෘති සඳහා වෙන් කිරීමට අවශ්ය වන්නේ නම් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නිසි නීතිමය පටිපාටි අනුගමනය කිරීමෙන් පමණක් සිදු කෙරේ.
(iv) ඉහත (iii) පිළිතුර අදාළ වේ.
(v) ඉහත (iii) පිළිතුර අදාළ වේ.
(vi) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks