පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
587/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 210ට අනුව, නැව් සෑදීමේ හා කොටස් කිරීමේ කර්මාන්තය සහ නැව් අලුත්වැඩියාව දිරිගැන්වීමට හම්බන්තොට සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ රජයේ ඉඩම් ලබාදීමට යෝජනා කළ බව පිළිගන්නේද;
(ii) දිස්ත්‍රික්ක ලේකම්වරයා විසින් සකස් කර ඇති රජයේ නිල වාර්තා අනුව, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි පවතින රජයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර කොපමණද;
(iii) රජය විසින් හඳුනාගෙන ඇති, රජය සතු එකී ඉඩම්වලින් ඵලදායී ලෙස උපයෝජනය කළ සහ නොකළ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) 2016 අයවැය යෝජනා අංක 210ට අනුව, බෙදා දුන් ඉඩම් ප්‍රමාණය සහ ඒවා බෙදා දුන් පුද්ගලයන් කවුරුන්ද; කුමන කොන්දේසි යටතේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-16
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පිළිගනිමි.
(ii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් දළ වශයෙන් - හෙක්ටයාර් 3,05,261
(හෙක්ටයාර් තුන්ලක්ෂ පන්දහස් දෙසිය හැටඑකයි.)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් දළ වශයෙන් - හෙක්ටයාර් 45,268
(හෙක්ටයාර් හතළිස්පන්දහස් දෙසිය හැටඅටයි.)
(iii) උපයෝජනය කරන රජයේ ඉඩම්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දළ වශයෙන් -හෙක්ටයාර් 2,73,580
(හෙක්ටයාර් දෙලක්ෂ හැත්තෑතුන්දහස් පන්සිය අසූවයි.)
හම්බන්තොට දිස්ත්‍රික්කය දළ වශයෙන් - හෙක්ටයාර් 41,130
(හෙක්ටයාර් හතළිස්එක්දහස් එකසිය තිහයි.)
උපයෝජනය නොකළ රජයේ ඉඩම්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දළ වශයෙන් - හෙක්ටයාර් 31,681
(හෙක්ටයාර් තිස්එක්දහස් හයසිය අසූඑකයි.)
හම්බන්තොට දිස්ත්‍රික්කය දළ වශයෙන් - හෙක්ටයාර් 4, 138
(හෙක්ටයාර් හාරදහස් එකසිය තිස්අටයි.)
(iv) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදා දී නොමැත.
හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සඳහා පහත සඳහන් පරිදි ඉඩම් ලබා දී ඇත.
දියකඩනය සඳහා හෙක්ටයාර් 50.2969යි. (හෙක්ටයාර් පනහයි දශම දෙකයි නවයයි හයයි නවයයි.)
රජයේ ඉඩම් ආඥා පනතේ 06 සහ 60 වගන්තිය යටතේ නිදහස් දීමනා පත්‍ර ලබා දී ඇත.
වරාය ප්‍රධාන ඇළ මාර්ගය සඳහා හෙක්ටයාර් 26.4167යි. (හෙක්ටයාර් විසිහයයි දශම හතරයි එකයි හයයි හතයි.)
රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝ කාලීන බදු ලබා දී ඇත.
(ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වෙතින් ලබා ගන්නා ලද තොරතුරු අනුව ඉහත තොරතුරු ඉදිරිපත් කර ඇත.)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks