පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
585/’19
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 208ට අනුව, ආරක්ෂණ ආයෝජන ගිණුම් ක්‍රමය අහෝසි කරනු ලැබුවේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) උක්ත යෝජනාවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරව ස්වකීය මුදල් තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට එම මුදල් මව්බිමට රැගෙන එන ලෙසට කරන ලද ඉල්ලීමට මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාර කවරේද;
(iv) උක්ත අයවැය යෝජනාවට අනුව, බැංකු ගිණුම් ක්‍රමය හරහා පිටරට තබාගෙන තිබෙන මුදල් මෙරටට ප්‍රේෂණය කරන කිසිම පුද්ගලයෙකුට එරෙහිව රජය විසින් නෛතික පියවර නොගන්නා බව නිශ්චිතව සඳහන් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නෛතික බලය ලබාගත් ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-13
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) ඉහත (i) අනුව අදාළ නොවේ.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-03-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks