04

E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0582/2019: �Proposals 181- Budget 2016

582/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැය යෝජනා අංක 181ට අනුව, රත්‍රන් ආනයනය සඳහා බලපත්‍ර 50ක් නිකුත් කරනු ලැබුවේද;

             (ii)      එසේ නම්, එකී බලපත්‍රලාභීන්ගේ නම්, ලිපිනයන් සහ ඔවුන් විසින් ගෙවූ බලපත්‍ර ගාස්තු පිළිබඳ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(iii) වර්ෂ 1977 සිට මේ දක්වා ලෝක වෙළෙඳ‍පොළෙහි රත්‍රන් මිල හැසිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(iv) බදු රහිතව ශ්‍රී ලංකාවට රත්‍රන් ආනයනය කරනු ලබන තැනැත්තන්ගේ නම් කවරේද;

(v) ශ්‍රී ලංකාව රත්‍රන් ආනයනය කරනු ලබන ප්‍රධාන සැපයුම්කරුවන් සහ රටවල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks