01

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0579/2019: ආගමික ස්ථානවලට සූර්යබල විදුලි උත්පාදන කට්ටල සැපයීම: වැය කළ මුදල

579/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ආගමික ස්ථාන සඳහා සූර්යබල කට්ටල ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලි බලය ලබා දී ඇති ආගමික ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(ii) එක් එක් ආගමික ස්ථානයට සපයන ලද විදුලි පද්ධතියේ ධාරිතාවය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

(iii) 2017.06.01 දින වනවිට එම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(iv) එම සූර්යබල කට්ටල මඟින් උත්පාදනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;

(v) ආගමික ස්ථානවලට සූර්යබල කට්ටල ‍නොමිලේ ලබාදීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම ව්‍යාපෘතිය "රිවි අරුණ" වශයෙන් නම් කර ඇත. මෙය මේ වන විට අදියර තුනක් යටතේ සිදු කර ඇත.

අදියර

වර්ෂය

ස්ථාන ගණන

I

2016

25

II

2016-2017

40

III

2017-2018

135

              (ii)      ආගමික ස්ථාන 200ක් සඳහා, එක් ආගමික ස්ථානයකට කිලෝවොට් දෙකකට ආසන්න ධාරිතාවකින් යුත් සූර්ය ජනන උපකරණ සපයා ඇත.

(iii) 2017 ජුනි 01 වැනි දිනට ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 35.19කි.

(iv) එක් පද්ධතියකින් මාසිකව ඒකක (කිලෝ වොට් පැය) දළ වශයෙන් 210 බැඟින් සම්පූර්ණ ඒකක (කිලෝ වොට් පැය) 42,000ක් මාසිකව දළ වශයෙන් ජනනය වේ.

(v) ඔව්. මෙසේ ආගමික සිද්ධස්ථානවලට සූර්ය විදුලිබල කට්ටල ලබා දීම තුළින්,

  • ආගමික සිද්ධස්ථාන සඳහා විදුලිය බලය ලබා දීමේදී රජය විසින් ලබා දෙන සහනාධාර ප්‍රමාණය අඩු කිරීමෙන් රජයේ වැය බර අඩු වීම.

1. වර්ෂ 2016 සිට 2018 දක්වා ආගමික ස්ථාන 200ක් සඳහා මෙම පද්ධතිය සවිකිරීම රිවි අරුණ ව්‍යාපෘතිය යටතේ සිදු විය. මෙම එක් පද්ධතියකින් කිලෝ වොට් පැය (එනම් විදුලි ඒකක) 210 බැගින් මාසිකව දළ වශයෙන් නිපදවීමට හැකියාව පවතී. (200 X 210 = 42,000)

2. එනම්, වාර්ෂික විදුලි ඒකකය 504,000ක් (42,000 X 12) මෙම පද්ධතිය හරහා ජාතික ජාලයට එකතු වේ. විදුලි ඒකකයක් සඳහා වන සාමාන්‍ය ජනන පිරිවැය රුපියල් 21ක් වන පසුබිමක (එක් එක් වර්ෂයේදී ජල විදුලිය දායකත්වය අනුව විචලනය වේ.) මේ ව්‍යාපෘතිය හරහා මිලියන 10.584 (ඒක වැඩි වෙලා තිබෙන්නේ 504,000 X 21)ක පිරිවැයකින් යුත් විදුලි ජනනයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබේ.

3. එක් ආගමික ස්ථානයකට ඒකක 210 බැගින් වන විදුලි ඒකක ප්‍රමාණයක් මෙම පද්ධති විසින් ඉතිරි කිරීමට සමත් නිසා ඒ සඳහා වැය වන මුදල ආගමික ස්ථානයන් සඳහා ඉතිරි වේ. ආගමික ස්ථාන සඳහා ඒකක 210කට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 1,426කි. (මූලාශ්‍රය- https://www.ceb.lk/bill-calculation-commercial/en)

4. ආගමික ස්ථානවල නෙට් මීටරින් පද්ධති සවි කිරීම ලංකා විදුලිබල මණ්ඩලයට දීර්ඝ කාලීනනව ලාභදායි වේ. ආගමික ස්ථාන සඳහා විදුලි බිල් අය කෙරෙනුයේ පහත සඳහන් සහන පදනමක් යටතේය. (මූලාශ්‍රය - http://www.pucsl.gov.lk/electricity/tariff/religoius-category-2/)

මාසික පාරිභෝජනය Consumption per month (kWh)

විදුලි ඒකකයක් සඳහා වියදම්  Energy Charge (LKR/kWh)

ස්ථාවර ගාස්තුව   Charge (LKR/month)

0-30

1.90

30

31-90

2.80

60

91-120

6.75

180

121-180

7.50

180

>180

9.40

240

තවද, උදාහරණයක් ලෙස දින 30ක් සඳහා ගෘහස්ත අය ක්‍රමය යටතේ ඒකක 210කට පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 5,566.00ක් පමණ අය කරගත හැකිය. නමුදු ආගමික ස්ථාන සඳහා ඒකක 210කට ලංකා විදුලිබල මණ්ඩලයට අයවන ගාස්තුව රුපියල් 1,426ක් පමණි. එම නිසා මෙම ව්‍යාපෘතිය හරහා සහනදායී මුදලකට මිලදී ගන්නා විදුලි ඒකක ප්‍රමාණයක් සඳහා ඇති ඉල්ලුම දීර්ඝ කාලීනව අඩු වේ. එබැවින් ආවස්ථික පිරිවැය - opportunity cost - සැලකීමෙන්ද දීර්ඝ කාලීනව ආගමික ස්ථානයක් සඳහා සූර්යබල පද්ධති ලබාදීම රජයට ප්‍රතිලාභ ගෙන දේ.

මූල්‍ය ප්‍රතිලාභවලට  අමතරව පුනර්ජනනීය විදුලි ජනනය වැඩි කිරීම, තාක්ෂණික හා ආර්ථික ප්‍රතිලාභ දැක බලා ගත හැකි වන පරිදි මහජනතාවට ළඟා වීමට පහසු ස්ථානයක නෙට් මීටරින් ආදර්ශනයක් ලෙස පැවතීම හා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි පොදු ජනතාවගේ උනන්දුව හා නැඹුරුව වර්ධනය වීම තුළින්ද ගෘහාශ්‍රිත නෙට් මීටර් පද්ධතිවල සැලකිය යුතු වර්ධනයක් සිදුවීම යනාදී ප්‍රතිලාභ රැසක් මෙම ව්‍යාපෘතිය හරහා ලබා ගැනීමට හැකි වී ඇත.

  • සූර්යබල සංග්‍රාමය ජනතාව අතර ප්‍රචලිත කිරීමට/ආදර්ශනය කිරීමට සංවේදී ස්ථානයක් වීම.
  • නියමු ව්‍යාපෘතියක් ලෙස විවිධ පරිසර සාධක යටතේ සූර්යබල පද්ධතිවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය සහ පර්යේෂණ කිරීම සඳහා උපයෝගී කර ගැනීමට හැකි වීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks