පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
571/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 සිට 2014 දක්වා සහ 2017 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව බුලත් අපනයනය මඟින් ඉපැයූ ආදායම කොපමණද;
(ii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුලත් වගාවේ නියුතු පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) අපගේ ප්‍රධාන බුලත් ගැණුම්කරුවා වන පාකිස්ථානය බුලත් සඳහා අධික බද්දක් පැනවීම හේතුවෙන් මේ වනවිට ගොවීන්ට බුලත් විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව දන්නේද;
(iv) මේ සඳහා මැදිහත්වී බුලත් වගාකරන්නන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-09
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
වර්ෂ 2010 සිට 2014 දක්වා ශ්‍රී ලංකාව බුලත් අපනයනය මඟින් ඉපැයූ ආදායම
|
වර්ෂය |
බුලත් අපනයන ආදායම (රු. මිලියන) |
|
2010 |
576.1 |
|
2011 |
758.8 |
|
2012 |
637.7 |
|
2013 |
1,368.3 |
|
2014 |
1,378.6 |
|
එකතුව |
4,719.5 |
වර්ෂ 2017 සිට මේ දක්වා ශ්‍රී ලංකාව බුලත් අපනයනය මඟින් ඉපැයූ ආදායම
|
වර්ෂය |
බුලත් අපනයන ආදායම (රු. මිලියන) |
|
2017 |
3,164.1 |
|
2018 |
2,615.72 |
|
2019 අප්‍රේල් දක්වා |
1,096.75 |
|
එකතුව |
6,876.57 |
ගරු කථානායකතුමනි, ''දින 52දී'' අපේ අපනයන ආදායම විශාල වශයෙන් අඩු වුණා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අපට 2018 අවුරුද්දේත් රුපියල් මිලියන 3,000 ඉක්මවා බුලත්වලින් අපනයන ආදායමක් ලැබෙනවා.
(ii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුලත් වගාවේ නියුතු ගොවි පවුල් සංඛ්‍යාව 2018 වර්ෂය වන විට 25000ක් බව හඳුනා ගෙන තිබෙනවා.
(iii) 2017 වර්ෂයේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස තුළ බුලත් මිල යම් තරමක් පහළ යෑමක් වාර්තා වුණා. මෙයට හේතු විමර්ශනය කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කළ අතර, ඒ මඟින් ලැබුණ ප්‍රතිඵල අනුව බුලත් මිල පහළ යෑමට බලපෑ කරුණු කීපයක් හඳුනාගෙන ඇත.
(iv) සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් බුලත් මඟින් සිදුවේ. එම නිසා බුලත් වගාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම අහිතකරය. බුලත් වගා කරන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට බුලත් වෙනුවට විකල්ප අපනයන බෝග හඳුන්වාදීමට කටයුතු කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දයා ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks