E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0569/2019: කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැතිරෙන වකුගඩු රෝගය: පාලනය

569/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2010 වර්ෂයේ සිට මේ දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම රෝගීන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව කොපමණද;

(iii) එම රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හා වෙනත් පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

(iv) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඉතා ‍වේගයෙන් පැතිර යන වකුගඩු රෝගය පාලනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      5,602කි. (පන්දහස් හයසිය හැට දෙකකි)

              (ii)      ඇමුණුම 01හි*  දක්වා ඇත.

‍              (iii)      *     කුරුණෑගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය සියලු  වෛද්‍ය පහසුකම් රෝහල් සඳහා ලබා දී ඇත.

*     පහත වගුවෙහි සඳහන් පරිදි රෝහල් සඳහා අවශ්‍ය රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර ලබා දී ඇත.

 

රෝහල්

මේ වන විට පවතින රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර

2019/2020 වර්ෂවලට අදාළව ලබා දීමට අපේක්ෂිත රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර

කුරුණෑගල ශික්ෂණ රෝහල

17

13

මූලික රෝහල නිකවැරටිය

4

6

මූලික රෝහල පොල්පිතිගම

4

6

මූලික රෝහල ගල්ගමුව

4

6

කුලියාපිටිය ශික්ෂණ රෝහල

2 (ඔක්තෝබර් මස ආරම්භ වේ)

8

මූලික රෝහල දඹදෙණිය

4 (ගොඩනැඟිල්ල ඉදිකිරීම් අවසන් කර ඇත.)

6

* 2018 වර්ෂයේ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා අතිරේක වෘක්කවේද වෛද්‍යවරුන් අනුයුක්ත කර ඇත.

* සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 30ක් සහිත අලුතින් වෙනම වකුගඩු ඒකකයක් ඉදි කිරීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී.

* කුරුණෑගල දිස්ත්‍රික්කය ද නිවසේ සිට සිදුකළ හැකි ගෘහස්ත ස්වයංක්‍රීය පරිතා කාන්දුකරණ වැඩසටහන් (NAPHD) Home Dialysis Programme) ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගෙන ඇත.

(iv)

* වේගයෙන් පැතිර යාමක් නැත.

* කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා රෝගීන් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. රෝගීන් පෙර හඳුනා ගැනීමේ වැඩසටහන හරහා 2015 වර්ෂයේ සිට ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පුද්ගලයන් 96,747 දෙනෙකු රැධිරයේ ක්‍රියටීනින් පරීක්ෂාවට ලක් කර ඇත.

* නිකවැරටිය, ගල්ගමුව සහ කුලියාපිටිය ආශ්‍රිතව වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණවලදී රෝගය සැදේ යැයි අනුමාන කරන රෝගීන් එම මූලික රෝහල්වල කායික රෝග විශේෂඥවරුන්ගේ සායන සඳහා යොමු කරනු ලබයි. මෙම වැඩසටහන් වර්ෂය පුරාම ක්‍රියාත්මක වේ.

* නිකවැරටිය, ගල්ගමුව, පොල්පිතිගම, නිකවැව යන රෝහල්වල වකුගඩු රෝගින් සඳහා සායන පහසුකම් සැපයේ.

* කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළුව අධි අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රති ආහ්‍රිතකරණ ජල පද්ධති (RO units) වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.

* කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩල හරහා වකුගඩු රෝගය පිළිබඳ දැනුවත් වීමේ වැඩසටහන් ගම් මට්ටමින් පැවැත්වේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-09-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks