01

E   |     |  

 දිනය: 2019-06-19   පිළිතුර ලබා දී ඇත 

0568/2019: නියඟයෙන් පීඩාවට පත් පවුල්: සහන

568/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       බවුසර් මඟින් ජලය සපයා දුන් හා නියං ආධාර ලබාදුන් පවුල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-19

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)      

              (ii)     

             (iii)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින නියඟය හේතුවෙන් අවශ්‍යතාව මත ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම පරිදි ට්‍රැක්ටර් බවුසර් හා ලොරි බවුසර් මඟින් පානීය ජලය බෙදා දීම සිදු කරයි.

                        තවද වියළි කාලගුණික තත්ත්වය නිසා වගාව සඳහා ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 2016/2017 මහ, 2017 යල, 2017/2018 මහ යන වගා කන්න තුනම අඛණ්ඩව වගා කිරීමට නොහැකි වූ වී වගා කරන පවුල් හා කන්න තුනම අඛණ්ඩව අතුරු බෝග වගා කිරීමට නොහැකි වූ අතුරු බෝග වගා කරන ගොවි පවුල්, වියළි කාලගුණය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අවහිර වූ මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් හා ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සිදු නොවීම හේතුවෙන් තම ජීවනෝපාය මාර්ග අවහිර වූ කෘෂි කම්කරු පවුල් සඳහා නියං සහනාධාර වැඩසටහනක් 2018.09.20 දින සිට ක්‍රියාත්මක කිරීමට මේ වන විට අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර නියං සහනාධාර පළමු වාරිකය පවුල් 86,085ක් සඳහා ගෙවීමට අවශ්‍ය රු.137,680,787.96ක ප්‍රතිපාදන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෙත නිකුත් කර ඇත.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks