04

E   |     |  

 දිනය: 2019-06-18   පිළිතුර ලබා දී ඇත 

0567/2019: වී අලෙවි මණ්ඩලය : ලාභ අලාභ

567/’19

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2010 වර්ෂයේ සිට වී අලෙවි මණ්ඩලය ලැබූ ලාභය/අලාභය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      එම කාලසීමාව තුළ එක් එක් කන්නයේදී ගොවීන්ගෙන් මිලදී ගත් වී ප්‍රමාණය  එක් එක් දිස්ත්‍රික්කය සහ වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම කාලසීමාව තුළ වී අලෙවි මණ්ඩලය පාඩු ලබා තිබේ නම්, ඒ සඳහා බලපෑ හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2019-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks