පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
547/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්ච් දිස්ත්‍රික්කයේ, තමිල්චෝලෛ යන නමින් යුත් පාසලක් පැවති බව දන්නේද;
(ii) එසේ නම්, එම පාසල ආරම්භ කළ දිනය කවරේද;
(iii) එම විදුහලේ අධ්‍යාපනය ලැබූ සිසුන් අවසන් වරට පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සහ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්තමානයේ මෙම පාසල හඳුන්වනු ලබන නම කවරේද;
(ii) මෙම පාසල නම් කරනු ලැබුවේ කවුරුන් විසින්ද;
(iii) එලෙස නම වෙනස් කරන ලද දිනය කවරේද;
(iv) පාසලේ නම වෙනස් කිරීම තුළින් මෙම පාසලේ නිර්මාතෘ, නැතහොත්, ආදිකර්තෘ යන නම කවරෙකුට හෝ ලබාගත හැකිද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-09
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks