පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
543/’19
ගරු බිමල් රත්නායක මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) දැනට වැලිකඩ, දුම්බර සහ මහර වැනි බන්ධනාගාරවල අභියාචනාධිකරණ සිරකරුවන් 3000ක් පමණ සිටින බවත්;
(ii) ඉහත (i) හි සඳහන් පිරිස අතර තම නිර්දෝෂීභාවය ඔප්පු කර, නිදහස්වීමේ අපේක්ෂාවෙන් මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ විශාල පිරිසක්ද සිටින බවත්;
(iii) එම ඉල්ලීම් අතර වසර 10ක් ඉක්මවූ අභියාචනා ද පවතින බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) මෙම නඩු ඉක්මනින්ම විභාගයට ගැනීමට කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්රමවේදය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-24
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
----
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දැනට (2019.05.05 දිනට) වැලිකඩ බන්ධනාගාරයේ අභියාචන සිරකරුවන් 628ක්ද, මහර බන්ධනාගාරයේ 104ක්ද, දුම්බර බන්ධනාගාරයේ 235ක්ද, එම ආයතන තුනෙහි පමණක් එකතුව 967ක් අතුළුව දිවයිනේ සියලු බන්ධනාගාරවල අභියාචක සිරකරුවන් සියල්ල 1,351ක් අභියාචන තීන්දුව අපේක්ෂාවෙන් රඳවා සිටී.
(ii) ඉහත අංක (අ) (i)හි සඳහන් 1,351 තම නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස් වීමේ අපේක්ෂාවෙන් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ අය වෙති.
(iii) ඔව්.
අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර ඇති නඩු සංඛ්යාවෙන් අභියාචනය ගොනු කිරීමෙන් අනතුරුව අවුරුදු 10ක් ඉක්මවූ අභියාචන 18ක් පවතින අතර එම අභියාචනවලින් 05ක චුදිත අභියාචකයින් ඇප මත සිටී.
එසේම මෙම අභියාචන සංඛ්යාවෙන් දෙකක් මෙම වසරේ ජුනි මාසයේ විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඉතිරි අභියාචන සියල්ලම මැයි මාසය තුළ විවාදය සඳහා ලැයිස්තු ගත කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) ඔව්
අවුරුදු 10ක් ඉක්මවූ අභියාචනා සියල්ල 2019 මැයි සහ ජුනි මාසවල ලැයිස්තු ගත කර ඇති අතර පාර්ශ්වකරුවන්ගේ නීතිඥ මහතුන් නියමිත දින විවාදය සඳහා සූදානම් නම් මීළඟ විභාග දිනයේදීම එම අභියාචනා විභාග කර අවසන් කිරීමට හෝ අවම වශයෙන් විභාගය ආරම්භ කිරීමට ගරු සභාපති විනිසුරුතුමා විසින් අදාළ ගරු විනිසුරුතුමන්ලා දැනුවත් කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2019-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks