පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
538/’19
ගරු බිමල් රත්නායක මහතා,— අධ්යාපන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර, ධර්මරාජ විදුහලට ළමුන් ඇතුලත් කර ගැනීමේදී පදිංචිය තහවුරු කිරීම සඳහා සින්නක්කර ඔප්පු, තෑගි ඔප්පු සහ බදු ඔප්පු ඉදිරිපත් කරන පුද්ගලයන්ට වැඩි ලකුණු ප්රමාණයක් ලැබෙන බවත්;
(ii) ඉහත සඳහන් ඔප්පු නොමැති නගර සභා නිවාසවල ජීවත්වන පවුල්වල අයට තම පදිංචිය තහවුරු කිරීමට ඇත්තේ නගර සභාවෙන් නිකුත් කරනු ලබන බදු ලියවිල්ල පමණක් බවත්;
(iii) එම ලියවිල්ල සඳහා ඉතා අඩු ලකුණු ප්රමාණයක් ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ ළමුන්ට ධර්මරාජ විදුහලට ඇතුලත් වීමට ඉඩක් නොලැබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) රජයට වරිපනම් බදු ගෙවමින් පරම්පරා ගණනාවක සිට මෙම නිවාසවල ජීවත්වන පවුල්වල ළමුන් ද ධර්මරාජ විදුහලට ඇතුලත් කළ හැකි ක්රමවේදයක් සකස් කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-27
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
අධ්යාපන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) පළමු ශ්රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී දැනට භාවිත වන 24/2018 චක්රලේඛයේ 7.2.1.1හි පදිංචිය තහවුරු කරන ප්රධාන ලේඛන යටතේ සින්නක්කර හා තෑගි ඔප්පුවලට පමණක් නොව, රජයේ ප්රදානවලට ද ලකුණු 30ක් ලබා දෙයි. බදු ඔප්පුවලට ලකුණු 12ක් ලබා දෙයි.
(ii) නගර සභාවෙන් නිකුත් කරනු ලබන බදු ලියවිල්ල පමණක් නොව,
අයදුම්කරු/කලත්රයා නමින් වන විදුලි බිල්පත්.
අයදුම්කරු/කලත්රයා නමින් වන ජල බිල්පත්
අයදුම්කරු/කලත්රයා නමින් වන වරිපනම් බදු බිල්පත්
අයදුම්කරු/කලත්රයා නමින් වන උප්පැන්න සහතිකය යන ලේඛන සඳහා ද එක් ලේඛනයකට ලකුණු 1.5 බැගින්, ලකුණු 06ක් ලබා දෙයි.
(iii) නීත්යනුකූල වශයෙන් රජයේ ඉඩම්වල පදිංචිව සිටින අයටද (රජයේ ප්රදාන) සින්නක්කර හා තෑගි ඔප්පුවලට හා සමානව ලකුණු ලබා දෙයි. එසේ වුවද ජනප්රිය යයි සම්මත පාසල්වලට ඇති අධික ඉල්ලුම හේතුවෙන් නීත්යනුකූලව ස්ථිරව පදිංචි වී සිටින අයට චක්රලේඛ ප්රකාරව වැඩි ලකුණු ප්රදානය කර ඇත.
(ආ) (i) රජයට වරිපනම් බදු ගෙවමින් පරම්පරා ගණනාවක සිට පදිංචිව සිටින අයගේ දරුවන්ට ධර්මරාජ විද්යාලය වැනි තදාසන්න පාසල්වලට ඇතුළත්වීමට අවශ්ය ක්රමවේදයක් 2020 වර්ෂයේ සිට ඉදිරියට බලපවත්වන චක්රලේඛ සැකසීමේදී එයට ඇතුළත් කිරීම සඳහා සලකා බැලීමට අපේක්ෂිතය.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks