01

E   |   த   |  

 දිනය: 2019-03-25   පිළිතුර ලබා දී ඇත 

0537/2019: ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය: ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

537/’19

ගරු බිමල් රත්නායක මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙතෙක් පවත්වන ලද ස්ථානය කවරේද;

             (ii)      2017 වර්ෂයේදී එම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පවත්වනු ලැබූ ස්ථානය කවරේද;

(iii) මේ සඳහා පසුගිය වර්ෂයේදී එක් ඩිප්ලෝමාධාරියෙකුගෙන් අය කරනු ලැබූ මුදල කොපමණද;

(iv) 2017 වර්ෂයේදී ඒ සඳහා එක් ඩිප්ලෝමාධාරියෙකුගෙන් අය කරන ලද මුදල කොපමණද;

(v) පෙර වර්ෂවල ශාලා පහසුකම් සඳහා ගෙවීම් කළ යුතු වූ බැවින්, මුදල් අය කරනු ලැබුවද  2017 වර්ෂයේදී නොමිලේ ශාලා පහසුකම් සපයනු ලබන විටත් මුදල් අයකිරීමට හේතුව කවරේද;

(vi) මේ දක්වා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවති කොළඹ නගරය වෙනුවට කොළඹින් බැහැර නවාතැන් පහසුකම් පවා සොයාගත නොහැකි අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශයකට එම උත්සවය රැගෙන යාමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-25

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH)

(ii) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH)

(iii) එක් ඩිප්ලෝමාධාරියෙකුගෙන් රුපියල් 4000.00ක මුදලක් අය කර ඇත.

(iv) එක් ඩිප්ලෝමාධාරියෙකුගෙන් රු. 6000.00ක මුදලක් අය කර ඇත.

(v) 2017 වර්ෂයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සඳහා නොමිලේ ශාලා පහසුකම් ලබා දී නොමැති අතර, ඒ සඳහා රු. 3,609,669.00ක මුදලක් වැය වී ඇත.

(vi) ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට රැගෙන ගොස් නොමැත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-03-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks