02

E   |     |  

 දිනය: 2019-03-15   පිළිතුර ලබා දී ඇත 

0534/2019: Inventor Mr. Susantha Amarasinghe in need of state support

534/’19

ගරු බිමල් රත්නායක මහතා,—  අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වත්තල, ගොගිංතොට, අංක 656/102/5 ඒ දරන ස්ථානයේ පදිංචි සුසන්ත අමරසිංහ මහතා දීර්ඝ කාලයක් සිදු කරන ලද පර්යේෂණවලට අනුව ඉවතලන අපද්‍රව්‍යවලින් බ්ලොක් ගල් නිෂ්පාදනය, මාර්ග කාපට් කිරීම ඇතුළු නව සොයා ගැනීම් 12ක් පමණ සිදුකර ඇති බවත්;

(ii) මේ පිළිබඳව මුද්‍රිත මාධ්‍ය මඟින් අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියක් ලබාදී ඇති බවත්;

(iii) අමරසිංහ මහතාට මෙම කර්මාන්තය දියුණු කර, රටට සේවාවක් සැපයීම සඳහා සහාය ලබාදෙන මෙන්, ඔබ අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර ඇති බවත්;

(iv) එහෙත්, මේ වනතෙක් කිසිදු සහායක් ලබා දී නොමැති බවත්;

 (v) මේ වනවිට විවිධ තැරැව්කරුවන් මඟින් ඔහුගේ තාක්ෂණික ඥානය මුදලට ලබාගැනීමට විදේශීය නියෝජිතයන් උත්සාහ කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) අමරසිංහ මහතාගේ මෙම සොයාගැනීම් උපයෝගී කරගනිමින් ඔහුගේ නිෂ්පාදන රටට හඳුන්වාදීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

 

 

(iii) එම පියවර ගනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-15

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks