පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
531/’19
ගරු බිමල් රත්නායක මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2004.12.26 දින ඇති වූ සුනාමි විපතට මුහුණ දුන් හම්බන්තොට නගර සභා නිවාස පාරේ අංක 3/19 දරන නිවසේ පදිංචිව සිටි ටී. එන්. අමීර් මහතා ඇතුළු 68 දෙනෙකුගේ ඉඩම් 2010.03.17 දින වෙරළ උද්‍යානයක් ඉදිකිරීම සඳහා පවරාගත් බවත්;
(ii) පවරාගත් ඉඩම් සඳහා ඉහත සඳහන් පිරිසට මෙතෙක් වන්දි ගෙවා නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම පිරිසට වන්දි ගෙවීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-11
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) විසල් හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොට වෙරළ උද්‍යානය සංවර්ධනය කිරීම පිණිස 2004.12.26 දින සුනාමි ව්‍යසනයට ලක් වූ ඉඩම්, ප්‍රගමන අනුරේඛන අංක H/HMB/2007/313 යටතේ ඉඩම 38(අ) අතුරු විධානය අංක 1512/7 හා 2007.08.30 දිනැති ගැසට් පත්‍රයේ පළ කිරීම මඟින් රජයට අත්කර ගෙන එහි භුක්තිය භාර ගෙන ඇත.
වෙරළ උද්‍යානය සඳහා අත්පත් කරගත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 6.0224ක් වන අතර වන්දි ගෙවීම් සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ඉල්ලීම් කර ඇති ඉඩම් කැබලි ගණන 148කි.
(ii) ඉහත ඉඩම් කැබලි 148 න් 109 ක් සඳහා සම්පූර්ණ වන්දි ප්‍රමාණය ගෙවා ඇත. ඉතිරි 39 සඳහා අයිතිය තහවුරු කර නොමැති බැවින් වන්දි ගෙවා නොමැත.
ඒ අනුව වෙරළ උද්‍යානය සඳහා වන්දි ගෙවීම් කළ ආකාරය පහත පරිදි වේ.
|
ඉඩම් කැබලි ගණන සහ ඊට අදාළ වන්දි මුදල (රු.) |
මෙතෙක් වන්දි ගෙවනු ලැබූ ඉඩම් කැබලි ගණන සහ ඊට අදාළ වන්දි මුදල (රු.) |
තවදුරටත් වන්දි ගෙවීමට ඇති ඉඩම් කැබලි ගණන සහ ගෙවීමට ඇති වන්දි මුදල (රු.) |
|
කැබලි ගණන 148 කි. (වන්දි මුදල - රු. 182,216,818.00) |
සම්පූර්ණ වන්දි මුදල ගෙවා ඇති කැබලි ගණන 109කි. (වන්දි මුදල - රු. 167,262,718.00) |
අයිතිය තහවුරු නොවූ කැබලි ගණන 39 සඳහා ගෙවීමට ඇති වන්දි මුදල -රු. 14,954,100.00) |
ටී.එච්.අමීර් මහතාට තක්සේරුව අනුව ගෙවිය යුතු වන්දි මුදල රු. 2,776,500.00 වන අතර ඔහුට සම්පූර්ණ වන්දි මුදල ගෙවා ඇත.
(ආ) (i) වන්දි ගෙවීමට ඉතිරිව ඇත්තේ අයිතිය තහවුරු නොවූ ඉඩම් කැබලි 39ක් සඳහා වේ. අයිතිය තහවුරු වීමෙන් පසුව වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනු ඇත.
(ii) ප්‍රාදේශීය ලේකම් විසින් අයිතිය තහවුරු කර ගැනීමෙන් පසුව වන්දි මුදල් ගෙවීමට කටයුතු කිරීමට හැකි ය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks