02

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0529/2019: President's Foreign Trips 2015 and beyond

529/’19

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016.01.01 දින සිට 2017.04.30 දින දක්වා ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;

(ii) සංචාරය කරන ලද රටවල්වල නම් කවරේද;

(iii) එක් එක් සංචාරය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

(iv) ජනාධිපතිවරයා සමඟ එක් එක් සංචාරය සඳහා සහභාගී වූ අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ නිලධාරීන් ඇතුළු සමස්ත සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ජනාධිපතිවරයා සමඟ සංචාරවලට සහභාගි වූ සෙසු පුද්ගලයන්ගේ තනතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks