පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
516/’19
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව කොපමණද;
(ii) 2014.12.31 දිනට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුක්ත ස්ථිර, අනියම්, විශේෂ ව්‍යාපෘති හා පුහුණුවන කාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2017.09.30 දිනට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුක්ත ස්ථිර, අනියම්, විශේෂ ව්‍යාපෘති හා පුහුණුවන කාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) 2017.09.30 දිනට ඉහත එක් එක් කාර්ය මණ්ඩලයේ සේවයේ නියුක්ත පුද්ගලයන්ගේ නම, ලිපිනය, පදිංචි ග්‍රාම නිලධාරි වසම සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහන් ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-29
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) (i) 2010 අනුමත කාර්ය මණ්ඩල නිර්ණයට අනුව 1,376ක කාර්ය මණ්ඩලයක් අනුමත කර ඇත.
(ii) පසුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අංක DMS/1522/V-1 හා 2019.01.04 දිනැති ලිපිය මඟින් 2,164ක කාර්ය මණ්ඩලයක් අනුමත කර ඇත.
(iii) තවද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අංක DMS/1522/V-1 හා 2019.01.24 දිනැති ලිපිය මඟින් වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා 1,486ක කාර්ය මණ්ඩලයක්ද අනුමත කර ඇත.
(ii) ඇමුණුම් අංක I** මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) ඇමුණුම් අංක II** මඟින් ඉදිරිපත් කර ඇත.
(iv) ඇමුණුම් අංක III** මඟින් ඉදිරිපත් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks