පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
515/’19
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “සහභාගිත්ව සංවර්ධන වැඩසටහන්” යටතේ 2015 වර්ෂයේ සිට මේ දක්වා නිලධාරින් බඳවාගෙන තිබේද;
(ii) එසේ නම්, එම නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(iii) එම නිලධාරින් සඳහා මාසික වැටුපක් හෝ දීමනාවක් ගෙවන්නේ නම්, ඒ කොපමණද;
(iv) එසේ බඳවාගත් එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, අයත් වන ග්‍රාම නිලධාරි වසම හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන තොරතුරු අඩංගු ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
(v) අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
(vi) එම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ඵලදායී ප්‍රතිඵල කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-12
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks