04

E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0514/2019: Excise Income and raids under Excise Ordinance

514/’19

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 වර්ෂයේ සුරාබදු ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

             (ii)      2016 වර්ෂයේ දුම්කොළ හා සිගරට් නිෂ්පාදනය මත පනවන ලද බදු මඟින් උපයාගත් ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iii) පසුගිය වර්ෂයට සාපේක්ෂව, ඉහත (i) සහ (ii) හි ආදායම පිළිවෙලින් රුපියල් මිලියන කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2016 වර්ෂයේ මෝල්ට් මධ්‍යසාර නිෂ්පාදනය ලීටර් කොපමණද;

(ii) 2016 වර්ෂය සඳහා මත්පැන් නිෂ්පාදනය අලුතින් ආරම්භ කිරීමට සමාගම්වලට නව බලපත්‍ර නිකුත් කර තිබේද;

(iii) එසේ නම්, එම බලපත්‍ර සංඛ්‍යාව සහ එම සමාගම්වල නම් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) සුරාබදු නීතිය යටතේ වැටලීම් සිදු කිරීමට බලය ඇති ආයතනය හා එහි අධිකාරි බලය ඇත්තේ කා හටද;

(ii) අත්අඩංගුවට පත් නීත්‍යානුකූල නොවන සුරා සම්බන්ධයෙන් නීති කටයුතු කිරීම සඳහා අධිකාරී බලය ඇත්තේ කා හටද;

(iii) ඔවුන්ගේ කාර්යභාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks