02

E   |     |  

 දිනය: 2019-03-09   පිළිතුර ලබා දී ඇත 

0513/2019: Decisions to cultivate cannabis by the Govt

513/’19

ගරු විමලවීර දිසානායක මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)      ශ්‍රී ලංකාව තුළ කංසා වැවීම සඳහා රජය තීරණයක් ගෙන තිබේද;

             (ii)      එසේ නම්, එම තීරණය ගැනීමට හේතු වූ පදනම කවරේද;

           (iii)      කංසා මත්ද්‍රව්‍යයක් බව පිළිගන්නේද;

 

           (iv)      කංසා භාවිතය හේතුවෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය පිරිහෙන බව පිළිගන්නේද;

(v) දැනට කංසා වැවීම සඳහා නීත්‍යානුකූලව අවසර ලබාගත් පුද්ගලයන් හා ආයතන තිබේද;

(vi) එසේ නම්, නීත්‍යානුකූලව කංසා වගා කර ඇති ස්ථාන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-09

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks