02

E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0509/2019: ක්‍රීඩා තරග අතරතුර කෙරෙන බියර් ප්‍රවර්ධන වැඩ සටහන් : වැළැක්වීම

509/’19

ගරු විමලවීර දිසානායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මෙරට ප්‍රධාන පෙළේ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් හා වෙනත් ක්‍රීඩා තරඟවලදී බියර් සහ මත්වතුර නිපදවන සමාගම් මඟින් බියර් පානය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව පිළිගන්නේද;

(ii) එසේ නම්, පාසල් දරුවන්ට එයින් සිදු වන හානිය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත. කිසිසේත් ප්‍රවර්ධනය නොකරයි.

              (ii)      අදාළ නොවේ.

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks