01

E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0485/2019: මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රීලංගම ඩිපෝ: විස්තර

485/’19

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ඩිපෝවල නම් කවරේද;

           (iii)      එම එක් එක් ඩිපෝවෙන් දැනට ධාවනය කරනු ලබන බස්රථ සංඛ්‍යාව කොපමණද;

(iv) මෙම ඩිපෝ අතරින් ලාභ හා පාඩු ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම එක් එක් ඩිපෝවේ පවතින පුරප්පාඩු කවරේද;

(vi) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා ඩිපෝවල ලබා දී ඇති රැකියා සංඛ්‍යාව සහ එම  රැකියා ලැබූ පුද්ගලයන්ගේ නම් කවරේද;

(vii) මහනුවර දිස්ත්‍රික්කයේ ලංගම ඩිපෝවල බස් ඇණිය වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      අටකි. (08)

              (ii)       *     මහනුවර උතුර

                         *      මහනුවර දකුණ

                         *     යටිනුවර

                         *     වත්තේගම

                         *     තෙල්දෙණිය

                         *     උඩුදුම්බර

                         *     නාවලපිටිය (කුරුඳුවත්ත උප ඩිපෝව සමඟ)

                         *     ගම්පල

              (iii)      2019 පෙබරවාරි මස ධාවනය කළ දිනක සාමාන්‍ය බස් රථ ගණන පහත සඳහන් පරිදි වේ.

*     මහනුවර උතුර 97

* මහනුවර දකුණ 82

* යටිනුවර 79

*    වත්තේගම 44

* තෙල්දෙණිය 43

* උඩුදුම්බර 45

* නාවලපිටිය (කුරුඳුවත්ත උප ඩිපෝව සමඟ) 69

*   ගම්පල 55

මුළු බස් රථ සංඛ්‍යාව                       514

(iv) සියලු ඩිපෝ  දැනට ලාභ ලබයි.

(v) මෙම ඩිපෝවල පවතින රියදුරු හා කොන්දොස්තර තනතුරුවල 2018.12.31 දිනට පුරප්පාඩු විස්තර පහත සඳහන් කර ඇත.

අනු අංකය

 

පුරප්පාඩු

පුරප්පාඩු

 

ඩිපෝව

රියදුරු

කොන්දොස්තර

  1

මහනුවර උතුර

        16

             22

  2

මහනුවර දකුණ

        07

               0

  3

යටිනුවර

        37

              27

  4

වත්තේගම

       14

               7

  5

තෙල්දෙණිය

         4

               11

  6

උඩුදුම්බර

         0

                3

  7

නාවලපිටිය (කුරුඳුවත්ත උප ඩිපෝව සමඟ)

         0

                 0

  8

ගම්පල

         3

                 7

 

එකතුව

      81

               77

(vi) 2015.04.02 දින සිට මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයට අයත් ඩිපෝවලට ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව 266කි. මේ පිළිබඳ විස්තර සාරාංශගතව පහත සඳහන් පරිදි වන අතර, එම රැකියා ලැබූ පුද්ගලයින් පිළිබඳ විස්තර ඇමුණුම්** අංක- 01 වශයෙන් 2018.06.01 දක්වාද, ඇමුණුම්** අංක - 02 වශයෙන් 2018.02.15 දක්වාද ඉදිරිපත් කර ඇත.

ස්ථිර පත්වීම්               -  126

හුදෙක් කොන්ත්‍රාත් පදනම යටතේ    - 140

(vii) මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝවල බස් රථ ඇණිය වර්ධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් ගෙන්වන ලද නව එන්ජින් කට්ටල් ලබා දීම සිදු කර ඇත.

එසේම නව එන්ජින් කට්ටල සවි කිරීමේදී ගලවා ඉවත් කරනු ලබන ඒවා නැවත අලුත්වැඩියා කර සවි කිරීමටද කටයුතු කිරීම තුළින් බස් රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කර ඇති බවද දන්වමි. ඒ සම්බන්ධ විස්තර වෙන වෙනම පහත සඳහන් කර ඇත

තවද ඉදිරියේදී ලබා ගැනීමට නියමිත නව බස් රථ ලබා දීමෙන්ද එම දිස්ත්‍රික්කයේ බස් රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට බ‍ලාපොරොත්තු වෙමි.

ඩිපෝ

නව එන්ජින් කට්ටල ලබාදීම අනුව ධාවනයට එක් කරන ලද බස් රථ සංඛ්‍යාව

ගලවන ලද එන්ජින් කට්ටල අලුත්වැඩියා කිරීම අනුව ධාවනයට එක් කරන ලද බස් රථ සංඛ්‍යාව

මහනුවර උතුර

         03

     03

මහනුවර දකුණ

         04

     04

යටිනුවර

         05

      05

වත්තේගම

          01

      -

තෙල්දෙණිය

       02

     02

උඩුදුම්බර

       02

    02

නාවලපිටිය (කුරුඳුවත්ත උප ඩිපෝව සමඟ)

     02

02

ගම්පල

        03

     03

නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය

     01

-

එකතුව

           23

     21

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks