04

E   |     |  

 දිනය: 2019-04-01   පිළිතුර ලබා දී ඇත 

0470/2019: දියර කිරි නිෂ්පාදනය : විස්තර

470/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (​i)      වර්ෂ 2000 සිට 2018 ‍දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දියර කිරි (එළකිරි) නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත කාල සීමාවට අදාළ කිරි නිෂ්පාදනය සඳහා දායක වූ ප්‍රධාන දිස්ත්‍රික්ක කවරේද;

(iii) ශ්‍රී ලංකාවේ මේ වනවිට සිටින කිරි ගොවීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වර්ෂ 2000 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද,

(​​i) කිරිපිටි ප්‍රමාණය සහ එහි වටිනාකම ඇ.එ.ජ. ඩොලර්වලින්;

(​ii) කිරිපිටි සඳහා රජය අය කරනු ලැබූ බදු සහ ඒවායේ සංශෝධන සහ එමඟින් රජයට ලැබුණු ආදායම;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-04-01

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව වර්ෂ 2000 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දියර කිරි (එළකිරි) නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව පහත දැක්වේ

            වර්ෂය

                   වාර්ෂික කිරි නිෂ්පාදනය (ලීටර්)

වාර්ෂික මුළු කිරි නිෂ්පාදනය (ලීටර්)

 

      එළකිරි

මී කිරි

 

2000

151,245,600

30,210,148

181,455,748

2001

152,764,800

30,262,800

183,027,600

2002

152,840,880

30,354,120

183,195,000

2003

156,546,000

30,258,000

186,804,000

2004

159,696,000

30,600,000

190,296,000

2005

161,816,400

30,925,200

192,741,600

2006

164,977,200

31,646,160

196,623,360

2007

169,728,000

32,281,200

202,009,200

2008

172,442,406

35,650,685

208,093,091

2009

184,064,880

49,251,360

233,316,240

2010

191,919,600

55,634,400

247,554,000

2011

203,454,000

54,849,600

258,303,600

2012

237,639,600

61,610,400

299,250,000

2013

265,161,600

64,008,000

329,169,600

2014

272,912,400

60,991,200

333,903,600

2015

305,391,600

69,051,600

374,443,200

2016

317,880,000

66,128,400

384,008,400

2017

327,607,200

68,590,800

396,198,000

2018

385,678,800

85,914,000

471,592,800

එකතුව

4,133,766,966

918,218,073

5,051,985,039

(ii) නුවරඑළිය, කුරුණෑගල, බදුල්ල, නුවර, අනුරාධපුර, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, පොළොන්නරුව, මොණරාගල, ගම්පහ සහ මාතලේ.

(iii) ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන් අනුව 2018 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සිටි කිරි ගොවීන් සංඛ්‍යාව 185,504 කි. (එක්ලක්ෂ අසූපන්දහස් පන්සිය හතරකි.)

(ආ) (i) ශ්‍රී ලංකා රේගුවේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, 2000 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද,

කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.33කි.

එහි වටිනාකම ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 3,995කි. (ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන තුන්දහස් නවසිය අනූ පහකි.)

එක් එක් වර්ෂය අනුව ආනයනික කිරිපිටි ප්‍රමාණය සහ එහි වටිනාකම ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරමි.

ගරු මන්ත්‍රීතුමනි, අවුරුදු 18ක තොරතුරු ඇතුළත් දීර්ඝ පිළිතුරක් එහි තිබෙන්නේ. ඔබතුමාට ඒ ගැන අතුරු ප්‍රශ්න තිබෙනවා නම් අහන්න.

(ii) ශ්‍රී ලංකා රේගු දත්තයන්ට අනුව වර්ෂ 2000 සිට 2018 දක්වා කිරිපිටි ආනයනයේදී බදු වශයෙන් රජය ලැබූ ආදායම රුපියල් මිලියන 123,854කි. (රුපියල් මිලියන එක්ලක්ෂ විසිතුන්දහස් අටසිය පනස් හතරකි.)

එක් එක් වර්ෂය සඳහා කිරිපිටි ආනයනයේදී බදු වශයෙන් රජය ලැබූ ආදායම ඇමුණුම 02හි සඳහන් වෙනවා. ඒකත් දීර්ඝ ඇමුණුමක්.  ඒ සම්බන්ධවත් ඔබතුමාට ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න, ගරු මන්ත්‍රීතුමනි.

2012 සිට 2018 දක්වා කාලය තුළ වාර්ෂිකව බදු සංශෝධනය වූ ආකාරය ඇමුණුම 03හි සඳහන් වෙනවා.

සියලු ඇමුණුම් මම සභාගත* කරනවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-04-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks